ඔබ එසේ නොවන බව අපි දනිමු

Posted on July 14, 2009



හෙට සිට මේ ලංකා භූමිය තුළ මියයන්නන් කිසිවෙක් නොසිටිනු ඇත (මදුරු උණෙන් මීඋණෙන් ඌරු උණෙන් විඩාපත් රටවැසියනට මෙය සතුටුදායක ආරංචියක් වනු නොඅනුමාන ය). සිටිනු ඇත්තේ හුස්ම වැටෙන්නන් හා නොවැටෙන්නන් පමණකි.

ඒ ආශ්චර්ය සිදුවනු ඇත්තේ කෙසේ ද?

එතුමා විසින් ප‍්‍රකාශයට පත් කරනු ලබන රාජාඥාවක් මගිනි.

අහෝ අප කොතරම් භාග්‍යවන්තයෝ වමු ද?

මෙවැනි රජ කෙනෙකුන් ලැබීමට කොතරම් නම් පින් කන්දරාවක් අප විසින් කරන්නට ඇත් ද?

ඊයේ හිටියේ මහා ජාතිය හා සුළු ජාතිය යනුවෙන් බෙදා වෙන් කරන ල ද ජාතීන් දෙකකි.  එක් ආඥාවක් මගින් එය අපි අහෝසි කර දැම්මෙමු.

දැන් ඇති එකම බිය ජනක දෙය නම් ස්වභාවිකව ලෙඩ රෝග වලින් මරණයට පත්වීම ය. ඒ බිය ද මේ ආඥාව නිසා පහව යනු ඇත.

එව මහණ කී විට පැවිදි වූවා සේ අවශ්‍ය කීම පමණකි. ආශ්චර්යයක් මෙන් සියල්ල ක්ෂණයෙන් සිදුවේ.

සතුටු නැත්ද?

සතුටු විය නොහැක්කේ BFවැනි රිනාත්මකව හැම දෙයක් දෙසම බලන මිනිසෙකුට පමණකි.

වෙනත් බොහෝ රටවල මිනිසුන් වසර ගණන් මහන්සි වී සැළසුම් සකස් කර පසුව ඒ සැළසුම් වෙහෙසව කි‍්‍රයාත්මක කර කරන දෑ අපි එක් ආඥාවක් පැනවීමෙන් සාක්ෂාත් කරගනිමු. මේ අප වසනා රට ජාති ජාතිත් ඉපදින්නට වාසනා කළ යුතු පින් බිමක් බව එයින් වත් නොහැගේ ද?

මෙතරම් පහසුවෙන් ගොනාට අදින්න අප හුරු පුරුදු වූයේ කෙසේ ද?

Posted in: Uncategorized