Browsing All Posts published on »June, 2009«

අසෝක රජු ධර්මාශෝක වෙයි. ධර්ම ද්වීපය යුද ද්වීපයක් වෙයි!

June 20, 2009

27

ගෙවුණු පොසොන් උත්සවය සමයේ මිහිදු හිමියන් ගැන ධර්මදේශනාවල සදහන් වූ නමුත් එතුමන්ගේ ධර්ම චාරිකාවට හේතු භූත වූ අසෝක අධිරාජයාගේ පරිවර්තනය ගැන සදහන් නොකිරිමට හැම හිමිනමක්ම කටයුතු කළ බව අපට ලියා දැන්‍වූයේ රසික ය. අශෝක මගධ දේශය එකම ලේවිලක් කරමින් යුද්ධයෙන් ජයගත් නමුත් එහිදී අත්දුටු විනාශය නිසා ඒ ගැන කළකිරී සිටියේ ය. අසෝක රජුන් බුදුදහම වැළදගැනීමට […]

සෞඛ්‍ය සේවය අද තිබෙන්නේ සේලයින් දිය යුතු තත්වයක ද?

June 17, 2009

3

බදුල්ල මහ රෝහලේ සේලයින් නොමැති බවත් සේලයින් මිලදී ගෙන ගෙනැවිත් දෙන ලෙස රෝගීන්ට උපදෙස් ලැබෙන බවටත් මැසිවිලි නැගිණි. මෙයින් ඇත්තටම පෙනී යන්නේ 1. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති හැටියට ලෝක සෞඛ්‍ය ප‍්‍රශ්න විසඳීමට සිදුව ඇති නිසා අපේ සෞඛ්‍ය ඇමතිතුමාට මෙවැනි සොච්චම් දේ සොයා බැලීමට කාලවේලා නැති බව ය 2. තමන්ගේ සංවිධායක තනතුර නිසා බදුල්ල රෝහලට විශේෂයක් […]

ඇත්තටම මෙසේ එලිපිට කරුණු පෙන්වා දී මුං ලජ්ජාකරන්නට සමත් ඇමතිවරුන් සිටීම අපට ආඩම්බරයකි

June 16, 2009

3

The Sri Lankan government says that the United Nations should take responsibility for not providing enough toilet facilities for the internally displaced people (IDPs) in Vavuniya camps. වවුනියායේ කඳවුරුවල වෙසෙන අවතැන්වූවන්ට අවශ්‍ය වැසිකිලි පහසුකම් නොසැපයීමේ වගකීම  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බාර ගත යුතු යයි ශ‍්‍රී ලංකා රජය කියයි. The UN has said that only half […]

ජනාධිපති තුමා සමග විමල් හා මර්වින් මියන්මාරයේ – ඊළග පාර දුමින්ද ගෙනියන බවට පොරොන්දුවක්

June 15, 2009

5

ජනාධිපති තුමා මියන්මාරයේ සංචාරයක යෙදුනේ ය. එතුමා කැටුව ගිය දුත පිරිසට විමල් වීරවංශ මැතිතුමා ද මර්වින් සිල්වා මැතිතුමා ද අයත් විය. මේ ගැන බොහෝ දෙනා විවිධ දේ ප‍්‍රකාශ කරන නිසාවෙන්ම  ඇත්ත හේතුව කුමක්දැයි අපිදු සොයා බැලූවෙමු. අපට එය හමුනොවූ නමුත් විය හැකි යයි සැක හිතෙන අනුමාන ටිකක් නම් ලැබිණි. පහත පළවන්නේ ඒවා ය. ඒ දෙන්නාවම […]

කැළණි සරසවියේ සිසුන්ට මර්වින්ගේ ආරාධනාව – BFට මර්වින්ගේ ගෝරනාඩුව

June 15, 2009

4

යකෝ BF, පත්තරකා‍රයෙක්වත් වෙන මාධ්‍ය කාරයෙක්වත් තෝවගේ මට අපහාස කරල නෑ! ඈ යකෝ! උඹ හි‍තුවද ඔය පොතේගුරායි මායි එක වගේ කියල. මම ජනතාවත් එක්ක ඉන්නෙ, කතාකරන්නේ ජනතාවගෙ වචන සෙට් එක, ඌ වගේ ද යකෝ මම! මම ඉතාලියෙ ගිහිල්ලත් ‘අපේ උන්’ වෙනුවෙන් පෙනී හිටිය පොරක්. සිංහ කොඩිය එහෙත් උස්සපු සිංහ පැටියෙක්. යකෝ කොටින්ට හොම්බෙන් යන්න කතා […]

කැළණිය ගිනි ගනියි! දුටුගැමුණු පරපුරේ වැඩ කිඩ කැළණියෙනුත් ඔබ්බට!

June 14, 2009

12

දෙන්නාම සිල්වා ලා ය. දෙන්නාටම ආචාර්ය පදවි තිබේ. එකෙක් කැළණියට අධිපති ය. අනෙකා කැළණි සරසවියට අධිපති වගේ ඉන්නට කැමති ය. දෙන්නාටම එක පමණටම කේන්ති යයි. එවිට විරුද්ධවාදීන්ට සිදුවන්නේ ගුටි කන්නට ය. දෙන්නාගේම ගොලබාලයෝ ද බලා සිටින්නේ මහතැන තමුන්ට එවැනි ‍කොන්ත්‍රාත් එකක් පවරන කම් ය. දෙන්නාටම දුටු ගැමුණු සමග සම්බන්ධයක් ඇත. එකෙක් ඒ පරම්පරාවේ ය. අනෙකා […]

පෝය නිවාඩු ඇතුළු ප‍්‍රසිද්ධ නිවාඩු අඩු කර වැඩට බහිමු ද? – ඒ සඳහා ගෙවීමකුත් ලබා ගෙනම

June 13, 2009

19

අපේ රටේ ප‍්‍රසිද්ධ නිවාඩු ගණන අතිශයින් වැඩි ය. අතරින් පතර මැච් එකක් දින්නහමත් නිවාඩු දෙන නිසා එය තවත් වැඩි ය. සතියේ බ‍්‍රහස්පතින්දා හෝ අගහරුවාදා නිවාඩු ලැබුනොත් පිළිවෙලින් සිකුරාදා හා සඳුදා පවා බොහෝ අය අල්ලා ගන්නට වන්නේ දැල් දමා ය. එක දිගට කළයුතු වැඩපිළිවෙලක් සඳහා මාසයේ දින කීපයක් වෙන් කර ගැනීම පවා මේ නිසා අපහසු කාරණයකි. […]

සඳ බැස ගිය වගයි – රාවය කර්තෘ වික්ටර් අයිවන්ගේ භූමිකාව ගැන විවරණයක්

June 12, 2009

22

කළුවර අහසේ එකම එළිය සඳ විය. එහි එළිය දුබල වූ බව සැබෑ ය. එහෙත් කළුවර රැයක එයත් එළියකි. අප වික්ටර් අයිවන්ගේ රාවය එහි සියලූ අඩුපාඩුකම් මැද දුටුවේ එසේ ය. එහෙත් තව දුරටත් එය එසේ නොවේ. පෝද්දලලාට ගුටි ඇනීම සාධාරණ නොවෙතත් සාධාරණීකරණය කරන්නට ඔහුගේ හැසිරීම හේතුවන්නට ඇතැයි කියමින් උපුල් ශාන්ත සන්නස්ගල පාරක් දැම්මේ එසේ අපගේ කිසියම් […]

බුද්ධාගමට පහළ වී ඇති අලුත්ම නිකායේ ධර්මය – ඒ අනුව මගේ වැඩ බොහෝමයක්ද ආගමානුකූල ය!

June 11, 2009

31

බුද්ධාගම තමන්ට අවශ්‍ය පරිදි විවිධ මිනිසුන් විසින් වරින් වර සංශෝධනය කරගනු ලැබුවේ ය. විවිධ ආගමික නිකායන් ප්‍රභේදයන් බිහිව ඇත්තේ ඒ අනුව ය. මෑතකම ප්‍රභේදය ලංකාවෙනි. ඒ ‍‍”ඓතිහාසික” යුද ජයග්‍රහණයත් සමග ය. ඊට අනුව යුද්ධකරන්නේ රට වැසියා රැක ගැනීමට නම් ඒ යුද්ධය ආගමානුකූල ය. මේ අදහස ‍බොහෝ නව නිකායකින් අතර තිබෙතත් මෙය වඩාත් හොදින් ලේඛන ගත කිරීමේ […]

ඊළග සිවිල් යුද්ධය දකුණේ ද? උතුරේ ද?

June 10, 2009

29

දකුණේ කැරලි දෙකක් තිබුනේ ය. උතුරේ දිග් ගැස්සුණු කැරැල්ලක් විය. දැන් ඒ සියල්ල ඉවර ය. අපට එසේ සිතා සැනසුම් සුසම් ‍හෙළිය හැකි ද? ඒ කොතරම් කාලයකට ද? ඊළග සිවිල් යුද්ධය ඇරඹෙනු ඇත්තේ කොහි ද? උතුරේද? දකුණේ ද? අප එසේ අසන්නේ විදින ආතල් එක ගැන ඉරිසියාවෙන් යයි සමහරු කියති. එහෙත් එසේ කියන බොහෝ දෙනා විමසුමට ලක් […]