ජනාධිපති තුමා සමග විමල් හා මර්වින් මියන්මාරයේ – ඊළග පාර දුමින්ද ගෙනියන බවට පොරොන්දුවක්

Posted on June 15, 2009



ජනාධිපති තුමා මියන්මාරයේ සංචාරයක යෙදුනේ ය. එතුමා කැටුව ගිය දුත පිරිසට විමල් වීරවංශ මැතිතුමා ද මර්වින් සිල්වා මැතිතුමා ද අයත් විය. මේ ගැන බොහෝ දෙනා විවිධ දේ ප‍්‍රකාශ කරන නිසාවෙන්ම  ඇත්ත හේතුව කුමක්දැයි අපිදු සොයා බැලූවෙමු. අපට එය හමුනොවූ නමුත් විය හැකි යයි සැක හිතෙන අනුමාන ටිකක් නම් ලැබිණි. පහත පළවන්නේ ඒවා ය. ඒ දෙන්නාවම එක්කන් ගියේ

  1. තමන් නැතිවෙලාවෙ මොනවායින් මොනවා කරගනීද කවර පුද්ගලයෙකුට කවර කණ්ඩායමකට  එසේත් නැතිනම් කවර තනාපති කාර්යාලයකට ගහයි දැයි විශ්වාසයක් නැති නිසා
  2. මෙච්චරත් කඬේ ගිය දෙපළකට මේතරම් කාලයක් චාන්ස් එකක් දීමට බැරිවූ නිසා
  3. මේ අලූත් ශ‍්‍රීලංකාවට නැතිවම බැරි දෙන්නෙක් නිසා
  4. බුරුමයේ ද ඉන්නේ නාහෙට අහන්නේ නැති ජනනායකයෙකු නිසා කෝකටත් තමන්ගේ ආරක්ෂාව සළසා ගත යුතු නිසා
  5. ගොඩ නගන්නට යන රට අනාගතයේ මොන වගේ එකක්දැයි නිච්චෙටම තම නියම ගෝලයින්ට පෙන්වා දිය යුතු නිසා සහ බුරුමය ඒ සඳහා දිය හැකි හොඳම ආදර්ශය නිසා
  6. තමන් නැති අතරේ විහිළුවට වාගේ තමන්ගේ පුටුවේ වාඩි ගැනීමට ඉඩ ඇති දෙදෙනෙකු නිසා කෝකටත් අරන් යන එක ශරීර සෞඛ්‍යයට ගුණ නිසා
  7. දෙන්නට දෙන්නා තකට තක සේ ගැලපෙන නිසා
  8. විමල් වීරවංශට පොර වෙන්නට දෙන්නේ නැතිව ටිකක් නෝන්ඩි කොට තබා ගත යුතු නිසා
  9. දෙන්නා අතර පැහැදිලි වෙනසක් තමා දකින්නේ නැතැයි ජනතාවට කිව යුතු නිසා
  10. බ්ලොග්කාරයින්ට ලිවීමට දෙයක් සැපයීම මාධ්‍ය කරුවෙකුගේ පැරණි මිතුරෙකු හැටියට යුතු කමක් ඇති නිසා
  11. වීරවංශත් මර්විනුත් දැන් අයිය මලෝ තරමට එකට ඉන්නා නිසා
  12. දෙන්නාට දෙන්නාගෙන්ම ඉගෙන ගන්නට ඇති නිසා සහ එකිනෙකා ගැත තවදුරටත් අපුලක් ඉතිරිව ඇත්නම් එය ද නැති කර ගත හැකි අවස්ථාවක් නිසා
  13. වීරවංශට කිසියම් ලජ්ජාවක් තිබුනා නම් එයත් මේ වන විට අහෝසි වී ඇති නිසා
  14. ලොව  ඕනෑම නායකයෙකුට හිරිකිතයක් නැතිව අඳුන්වා දිය හැකි තරමේ චරිතවත් දෙන්නෙකු නිසා
  15. හදිසි අවස්ථාවක දී ජාත්‍යන්තරයට කණේ ඇගිලි ගහන්නට කතා කළ හැකි දෙපොළක් නිසා
  16. පක්ෂයටම වැඩ කර කර හිටියා මිසක සීගිරියවත් වැඳපුදා ගත නොහැකි වී යයි ජවිපෙට ආඩපාලි කීවා වාගේ කිසියම් දවසක තමන්ටත් කුණු කතා කියාවි යැයි ජනාධිපති තුමාට බය සිතුන නිසා
  17. වෙන නායකයන් මෙන් නොව කළ ගුණ සැළකිය යුත්තේ කාට ද යන්න වගේම ඒ කෙසේදැයි යන්නත් අපේ ජනාධිපති තුමා දන්නා නිසා
  18. දුමින්දවත් ගෙනියන්නට තිබුනේ වුව ද ඔහු තරුණ නිසා ඔහුට තව කලක් ඉවසිය හැකි නිසා
Posted in: Uncategorized