කැළණි සරසවියේ සිසුන්ට මර්වින්ගේ ආරාධනාව – BFට මර්වින්ගේ ගෝරනාඩුව

Posted on June 15, 2009



යකෝ BF, පත්තරකා‍රයෙක්වත් වෙන මාධ්‍ය කාරයෙක්වත් තෝවගේ මට අපහාස කරල නෑ!

ඈ යකෝ! උඹ හි‍තුවද ඔය පොතේගුරායි මායි එක වගේ කියල. මම ජනතාවත් එක්ක ඉන්නෙ, කතාකරන්නේ ජනතාවගෙ වචන සෙට් එක, ඌ වගේ ද යකෝ මම!

මම ඉතාලියෙ ගිහිල්ලත් ‘අපේ උන්’ වෙනුවෙන් පෙනී හිටිය පොරක්. සිංහ කොඩිය එහෙත් උස්සපු සිංහ පැටියෙක්.

යකෝ කොටින්ට හොම්බෙන් යන්න කතා කරපු එකෙක්. කොටින්ට කඩේ ගිය මාධ්‍ය කාරයින්ට කණේ ඇගිලිගහගන්න කතා කරපු පොරක්. චණ්ඩි පාට් දාන් නැතුව තෝවගේ සෙවල පාට් දාන්න මට හුරු නෑ යකෝ!

මගේ රටේ එකාල ගැන මම බලන්නෙ නැත්නම්, මගේ ගමේ එකාල ගැන මම බලන්නෙ නැත්නම්, කවුද යකෝ උන් ගැන බලන්නෙ?

තෝ නම් ඉතින් ලොකේ රටේ ඉන්න ආතක් පාතක් නැති පරයො ගැන කතා කරනව මිසක් අපේ එකෙක් වෙනුවෙන් කතා කරල තියෙනවද කවදාවත්?

අපි නැති වෙච්ච දවසක තමයි තොපි ඔක්කොටම අපේ අගේ තේරෙන්නෙ.

සමහර ශ්‍රී ලංකා කා‍රයොත් හිතා ඉන්නේ ලොක්කට කියල මාව ආණ්ඩු මට්ටු කරන්න. උන්ටත් එක්කයි මේ කියන්නෙ කරල බලපල්ලකො! තොපි නම් කවදාවත් පාඩම් ඉගෙන ගන්න හැත්තක්  නෙවේ.

විශ්වවිද්‍යාල කොල්ලො කියන්නෙ, පිටගම්කාරයො. උන් කැළණියට ආවනම් ඒ විදිහට ඉන්න ඕනෑ. පරයින්ට පුළුවන් ද ගමේ එවුන්ට තග දාන්න. මේ ගැමුණු ඉන්නකම් ඒවට ඉඩ නෑ.

කැළණිය උඩින් කාක්කෙක්වත් පියාඹන් නෑ යකෝ මගේ අවසරේ නැතිව!  කොල්ලන්ට ඉගෙන ගෙන කියා ගෙන ඉන්න ඕන නම් අපි හම්බුවෙල කතා කරමු ඒවා කර කියා ගන්නෙ කොහොම ද කියල. වැයික්කියෙ හරියට හැසිරෙනව නම් මං උන්වත් බලාකියා ගන්න ලෑස්තියි. හැබැයි ඉතින් ඒ විදිහට එන්න ඕන.

කියන්න ඕන ‍ඔක්කොම කිව්ව. ඒත් තොට අන්තිම වතාවටත් කියන්නේ ඹය ගුරාවයි මාවයි එක ගොඩේ තියල ආයි මාව සවුත්තු කරන්න ආවොත් සයිබර් අවකාශයටත් මං එන්ටර් වෙනව. පරිස්‍සමෙන් හිටපං.

(මේ මර්වින්ගෙන් අප ලද ප්‍රතිචාරයකි. එහි අන්තර්ගතය සළකා එය ප්‍රතිචාරයක් ලෙස නොව මෙසේ බ්ලොග් පෝස්ට් එකක් ලෙසම ප්‍රකාශ කරන්නට තීරණය කළෙමු. කැළණි විශ්වවිද්‍යාල සිසුන්ට ඉගෙනීම කර ගෙන යා හැකි වාතාවරණයක් උදාවේ නම් අපට ද එය අස්වැසිල්ලකි.)

Posted in: Uncategorized