ආගම හා රාජ්‍ය පාලනය පටලවා ගත් BF සහ අපේ රජ්ජුරුවෝ- පොලිටික්කාගේ පොලිටිකල් කොලමෙන් නිරාවරණය කරන ලද වගයි

Posted on June 8, 2009



පොලිටික්කාගේ පොලිටිකල් කොලම මගින් අප විසින් පොසොන් පොහොය උදෙසා නිර්මාණය කරනු ලැබු බ්ලොග් සටහන විමසුමට ලක් කර තිබිණි. ඒ ගැන අපේ අමනාපයක් නැත. ඇත්තටම අප ඊට කැමති ය.

එහෙත් විමසුම අවසානයේ ප්‍රවීණ පොලිටිකල් විචාරකයා විසින් මහත් ආහ්ලාදයෙන් යුතුව අගනා මිණි කැටයක් යයි සිතා එයින් අහුලාගෙන තිබුණේ නිකම්ම නිකම් ගල් කැටයකි.

ඒ BF ආගමත් රාජ්‍ය පාලනයත් වෙන් කර ගැනීමට නොදන්නා දෙකේ පන්තියේ එකකු බවට කැට (සාක්කි) ය.

ආගමත් රාජ්‍ය පාලනයත් එකක් නොව දෙකකි. මේ‍ දෙක වෙන් කර තබනු වෙනුවට අපේ රටේ පොල්මක්කාරයින් හා උරුමක්කාරයින් කළේ මේ දෙක එකටෙක ගැට ගැසීම ය.

මේ දෙකට එකට ගැට ගැසීමෙන් උන් අපේක්ෂා ක‍ළේ සිංහල බෞද්ධයින්ට මේ රාජ්‍ය සින්නකරව ලියා දීමට ය. බෞද්ධාගම තමන්ගේ හා තම රජයේ පැවැත්ම සදහා අවස්ථාවාදී අත්වැලක් කර ගැනීමට ය. එසේ නැතිව ඉන් එළියක් රාජ්‍ය පාලනයට ලබා ගන්නට නොවේ.

අප මේ අවස්ථාවාදී-හවුල අර්බුදයට යැ‍ව්වේ වරක් දෙවරක් නොවේ. අප එයින් අපේක්ෂා කළේ මේ දෙක එක්කරන්නට තැත් කළ අයගේ මොළයේ තරම පෙන්වන්නට ය.

විටෙක මෙසේ එකට ගැටගසන මේ යාදෙක -නොරත රත- අවස්ථාවේ හැටියට ලිහා වෙන වෙනම සළකා බැලීමට ද ඔවුහු සුදානම් ය.

ඒ අවස්ථාවේ හැටියට ය.

මගේ බ්ලොග් සටහනට උත්තර දීමට මේ දෙක වෙන් කර ගත යුතු ය. එවිට වෙන වෙනම සළකා බැලිය යුතු දෙකක් එසේ නොකොට එකට සැලකීම දෙවැනි පන්තියේ කොල්ලෙකුගේ වැඩක් ලෙස උපහාසයට ලක් කර බැහැර කළ හැකි ය. බලන්න පොලිටික්කාගේ ලස්සන වචන සෙට් එක-“හාමුදුරුවන් බණ කිවුවට, රාජ්‍ය නායකයකු කල යුතු දෙ කල යුතුයි”.

මේ පොලිටිකල් විචාරකයාගේ මහ තැන ඒ අතර සිය පොසොන් පණිවු‍ඩය මගින් ජාතියට එදිනම කියා සිටියේ සිය රාජ්‍ය පාලන ප්‍රතිපත්ති සකස් කොට ඇත්තේ බුද දහමේ මූලධර්ම මත බව ය. එතුමෝ මේ දෙක එක්කර පොසොන් දින එයින් ප්‍රයෝජනයක් ගන්නට බැලී ය. මේ බලන්න එතුමාගේ මුවින් පිටවෙන ඒ ලස්සන වචන දෙස!

It upholds love, compassion and loving kindness. Our State policy is moulded accordingly.

දැන් දෙකේ පන්තියේ කොල්ලා වෙන්නේ BFද  නැත්නම් පොලිටික්කාගේ මහ රජ්ජුරුවෝද?

ගලේ පහරපු බළලාගේ තත්වයට වැටුනේ කවුද? තීරණය කිරීම පාඨක ඔබට බාර ය.

මේ කෙප්ප කෙබරය කෙළීමෙන් අපේ රජ්ජුරුවෝ තමන් බුදදහමට අනුව රාජ්‍ය පාලනය කිරීම කෙසේවෙතත් පන්සිල් අනුවවත් ජිවත්වන්නේ නැති බව නම් මොනවට කියා පෑවෝ ය. එය මෙයින් මතු කෙරෙන පුංචි අතුරු කතාවක් පමණ ය.

ආගම හා රාජ්‍ය පාලනය වෙන්කළ යුතු ද එක් කළ යුතු ද? අපට සංවාදයක යෙදිය හැකි මුලික ප්‍රශ්නය ලෙස ඉතිරිවන්නේ එයයි.

Posted in: Uncategorized