ඇද වැටී තිබූ අභිමානය උස්සා තබන්නට යෝජනා ඕනෑ කර තිබේ

Posted on June 1, 2009



අපට අහිමිව තිබූ අභිමානය නැවත හිමිකරගෙන පිලිසකර කර තිබේ. එය මේ වනවිට හිණි පෙත්තටම නැග ඇත.

තවත් ටිකක් එහාට එය එසවිය හැක්කේ කෙසේදැයි මේ දිනවල ජාති හිතේෂීහු ඉතා වුවමනාවෙන් කල්පනා කරමින් සිටිති. එකක් හැරෙන්නට එකක් එන යෝජනාවල කෙළවරක් නැත. එහෙත් ඒවා තවමත් සෑහිමකට පත්විය හැකි තරමට නැත.

දැන් කට්අවුට් යුගය අවසන්ව ඇත. ඒ වෙනුවට මීටර 100 දිග බැනර් පාර දිගට ඉදිවෙමින් තිබේ. මේවා සදහා ඉදිකර ඇති අට්ටාල මේ දිනවල හමා යන හුලගෙන් ඉදිරී වැටී කිසිවෙකුටත් තුවාල නොවේවා යි අපි පතමු.

වසර 30 ට ආසන්න කාලයක් ති‍ස්සේ අපට අහිමිව තිබූ අභිමානය නැවතත් සොයා ගෙන පිළිසකර කර ගොඩ ගැනීමට ගන්නා මේ ප්‍රයත්නයට ඔබට ද ආධාර කළ හැකි ය.

ඒ වඩාත් දියුණු යෝජනා ගෙන ඒමෙනි

ඔබගේ සංකල්පනාව ඇති කරනු සදහා උදහරණ කීපයක් ගෙන ඒමට ද කැමැත්තෙමු.

  • ජාතික කොඩි අතැතිව අලි ඇතුන් සහිත පෙරහැර කිරීම
  • ප්‍රභාගේ ඔලුව දමා හන්දියක් ගානේ ඔලු බක්කන් නැටවීම
  • මහින්ද රාජපක්ෂ උතුමන්ගේ පිළි රූ හැම හන්දියකම ඉදිකිරීම සහ ඊට උදේ හවස පූජෝපහාර පැවැත්වීම
  • ජාතික ගීයට අමතරව ජනාධිපති අභිනන්දන ගීතයක් ද රණවිරු අභිනන්දන ගීතයක් ද ආයතනවල වැඩ ආරම්භ කිරීමට මත්තෙන් උදෑසන වාදනය කිරීම

ජනතාවගේ ඔලුව උඩට කඩා පාත් නොවෙන යෝජනා පිළිබදව වැඩි අගැයීමක් කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු. එවැනි යෝජනා ගෙනෙන අය රටට ආදරේ අය හැටියට වර්ග කර සැළකීමට ද අපි අපේක්ෂා කරමු.

මේ පිලිසකර කර ගත් අභිමානය සදා සුරක්ෂිත වේවා!

Posted in: Uncategorized