Browsing All Posts published on »May, 2009«

ගිනි මකරා සීරියස් යයි සිතා සිටින්නේ බඩ අල්ලා ගෙන සිනාසිය යුතු අංක එකේ ප්‍රහසනයකට ය. අනේ මකරෝ!

May 23, 2009

17

අප බලාගෙන ඉන්නේ ප්‍රහසනයක් ය. සමහරුන්ට එය සීරියස් වගේ පෙනුනාට ඇත්තටම එහෙම සීරියස් නැත. තාත්වික කලා කෘතියක ගති ලක්ෂණ එයට ඔබ්බවා තිබේ. ගිනි මකරාට වැරදී ඇත්තේ එතැන ය. උගේ හිතේ මේ නටන්නේ නාඩගමක් නොව මේ රගදෙන්නේ සැබෑ ජීවිතය බව ය. අපි ඌට නුවර සාවියේ රවුමක් යන්නට කතා කරමු. ‍ඒ මේ සීරියස් නාඩගමෙන් පොඩ්ඩක් ඈත්වී රගර් […]

රටට ආදරේ ඇත්තෝ හා නැත්තෝ

May 22, 2009

7

රටට ආදරේ ඇති අයත් ආදරේ නැති අයත් වෙන්කර ගන්නේ කෙසේ ද දැන් ඉදිරියට ඉතිරිවන එකම බෙදුම එය බව කියූ ඇත්තන්ම රටට ආදරේ ඇත්තන් වීමට සුදුසුකම් ලැබෙන්නේ කෙසේ දැයි කීවා නම් වඩා හොදය. දැන් ඉතින් අපට සිදුව ඇත්තේ එවා මේවා විය හැකි යයි අනුමාන කිරීම ය. මේ දිනවල ජාතික කොඩි එල්ලාගෙන තම නිවස වාහනය හා බ්ලොග් අඩවිය […]

ලෝකයේ එකෙකුටවත් මින්පසු අප බිය විය යුතු නැත

May 21, 2009

7

අපට ආඩම්බර විය හැකි අගමැති වරයෙක් සිටී. ප්‍රභාකරන් කාටවත් බාර නොදෙන බවත් අපේ කොල්ලන්ට අච්චාරු දැමීමට දෙන බවත් කීවේ එතුමා ය. එය ඉටුවුනාද නැත්ද යන්න මේ වෙලාවේ ඇසිය යුතු නැති ප්‍රශ්නයකි. එතුමා ගැන වඩාත් සන්තෝසය ආවේ දැන් ඉතිරී වී ඇති අපේ එකම සතුරන් වන සුද්දන්ට කණේ ඇගිලි ගහගන්නට දෙකක් මේ මෑතකදී කියු නිසා ය. පස්ස […]

දෙමළ ජනතාව මේ මොහොතේ සිතන්නේ කෙසේ ද

May 20, 2009

18

දෙමළ ජනතාව මේ මොහොතේ සිතන්නේ කුමක්දැයි දැන ගැනීමට ජයග්‍රහණය සමරන බොහෝ අයට වුවමනා නැත ඔවුන්ට සෙනෙහසේ දෑත් දිගු කරන බව බොහෝ දෙනා කියතත් ඔවුන් මේ වන විට සිටින්නේ බියෙනි  කොඩි අරාගෙන වාහන වල නැගෙන ජය ඝෝසා පවත්වන අය කුමකින් කුමක් කරයිද යන්න පිළිබද බියකින් ඔවුහු පෙළෙති මේ ගැන කිසියම් සමීක්ෂණයක යෙදුනු ඉංග්‍රීසි බ්ලොග් කරුවෙකුගේ (indi.ca) […]

ඊලග පරම්පරාවටත් පරිප්පු කැවීමේ සූදානමක්

May 20, 2009

15

මහනුවර දෙමළ ජාතික ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගන්න පටන් අරන් කියල සති අන්ත රාවය පත්තරේ තිබුන. ඒ විතරක් නෙවෙයි ජාතික කොඩිත් එල්ලන්න කියල ඒ අයට බල කරල තිබුන. ඇත්තටම අපේ මිනිස්සුන්ගෙන් මංකොල්ල කන්නෙ නැතිව පිට මිනිස්සුන්ගෙන් මංකොල්ල කෑවට කමක් නැහැ කියල අපට පුංචි මතයක් හදා ගත්තෑකි. ඒ අතරට අපේ කොඩිය බලෙන් උන් ලව්ව එල්ලුවහම මොකද කියලත් හිතන්න පුංචි […]

හෙට සිට ඇත්තේ එකම එක බෙදුම් රේඛාවකි

May 20, 2009

4

ජයග්‍රාහී ජනාධිපති උතුමන්ගේ කතාවේ ප්‍රබලම පණිවුඩය එතුමන්ගේ කතාව සම්පිණ්ඩනය කළ නිවේදකයා විසින් ඉතාම පැහැදිලිව පෙන්වා දෙන ලද්දේ ය. අදින් පසු රටේ වෙනත් බෙදුම් නැත. ඇත්තේ එකම බෙදුමකි. ඒ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් අතර ය. අප දන්නා පරිදි මේ රටේ බේද ගොඩක් තිබේ. යුද්ධය අවසන් වීමෙන් ඒ බේද කිසිවක් අහෝසි නොවේ. අප රක්ෂිත බන්ධනාගාර ගත කළ විට යන […]

මේ රටේ ඔරිජිනල් බඩුවලට වඩා කොහොමටත් ඇත්තේ ඩුප්ලිකේට් ය

May 19, 2009

12

දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් යයි දෙපිරිසක් පමණක් ඉතිරිව ඇති බවත් සෙසු සියලු බෙදීම් කම්මුතු වී ඇති බවත් කීවේ අපේ ජනාධිපතිතුමන් ය. එතුමාට උදව් පිණිස මේ බෙදීමට යටින් තව අතුරු බෙදීම් ද තිබෙන බව පෙන්වා දෙන්නට සිතුවෙමි. දේශප්‍රේමීන් අතර තමන්ගේ දෑ දේශය වෙනුවෙන් පුද කරන්නට සූදානම් අය ද දේශප්‍රේමයේ ධජය වනමින් සියලු දේ තමන් වෙනුවෙන් සරි කරගන්නට […]

ආච්චිගේ මතක පොත හිටිහැටියේ පෙරලුනේ ය

May 19, 2009

10

මුන්ට අමු කැවිලා! තරුණ අවදියේ පාඨශාලාන්තර මහා ක්‍රිකට් තරගයකට සහභාගී වී කොල්ලො කට්ටියත් සමග ගෙදරට ගොඩ වැදී ආච්චීට නක්කලයක් ද දමමින් කෑකෝ ගසන විට ලැබුනු ඒ ප්‍රතිචාරය මට මතක් වූයේ ඊයේ හා අද ත්‍රී රෝද රථවල නැගී රට පුරා ඝෝසා කරමින් එහෙ මෙහෙ දිවූ වැඩිහිටියන් දකින විට ය. මුන්ට නම් අමු කැවිලා නොව කවලා ය. […]

මේ කවියක් නොවේ. මේ ‍ෛඑතිහාසික අවස්ථාවේ බොක්කෙන්ම ආ හුටපටයකි!

May 18, 2009

5

ප්‍රභා මැරිලා ය. සියලු ප්‍රශ්නයන්ගේ මුල ගැලවිලා ය. පාපයේ කේන්ද්‍රය සුන්නත් දූලි වෙලා ය. දැන් පොර බේරා ගන්නට ‍නොර්වේ රටට යුරෝපයට හෝ එන්ජීඕ නඩයට නොහැකි ය. රනිල් ගුරාටවත් නොහැකි ය. සියල්ල ඉවරය. සෙත්ත පෝච්චිය. මෙතෙක් ප්‍රභාගෙන් රැකුණු බ්ලොග්කරුවන්ට යන එන මං නැති වෙලාය. පඩි ගෙවන්නට ස්වාමියෙක් නැති වෙලා ය. ලංකාව හෙට අවදිවන්නේ ඒකීය රාජ්‍යයකට ය. […]

සන්ලයිට් වෙනුවට සන්නයිට් හා Beyond Frame වෙනුවට beyondframe

May 16, 2009

5

වෙළද පොළේ ජනප්‍රියව ඇති තම තරගකරුවෙකුගේ යම් භාණ්ඩයක් දැක ආයාසයකින් තොරව එහි වාසිය ලබා ගත හැකි මගක් ගැන සිතන ව්‍යාපාරිකයෙක් තමන්ගේ බාල භාණ්ඩයක්ඒ නමට ආසන්න නමක් යොදා (අර ජනප්‍රියතාවය මංකොල්ල කනු අටියෙන්) වෙළද පොළට ඉදිරිපත් කරනු අප දැක ඇත. එක් කලෙක සන්ලයිට් වෙනුවට සන්නයිට්  වෙළදපොළට පැමිණියේ ඒ අනුව ය. මෙයින් ව්‍යාකූලත්වයට පත්වන පාරිභෝගිකයෝ තමන් මේ […]