ගිනි මකරා සීරියස් යයි සිතා සිටින්නේ බඩ අල්ලා ගෙන සිනාසිය යුතු අංක එකේ ප්‍රහසනයකට ය. අනේ මකරෝ!

Posted on May 23, 2009



අප බලාගෙන ඉන්නේ ප්‍රහසනයක් ය. සමහරුන්ට එය සීරියස් වගේ පෙනුනාට ඇත්තටම එහෙම සීරියස් නැත.

තාත්වික කලා කෘතියක ගති ලක්ෂණ එයට ඔබ්බවා තිබේ.

ගිනි මකරාට වැරදී ඇත්තේ එතැන ය.

උගේ හිතේ මේ නටන්නේ නාඩගමක් නොව මේ රගදෙන්නේ සැබෑ ජීවිතය බව ය.

අපි ඌට නුවර සාවියේ රවුමක් යන්නට කතා කරමු.

‍ඒ මේ සීරියස් නාඩගමෙන් පොඩ්ඩක් ඈත්වී රගර් තරගයක් නරඹනු පිණිස ය.

එක පැත්තක ප්‍රභාකරන් පරදවා ජයගත් නාවික හමුදාවය. අනෙත් පැත්තේ නුවර පිළ ය. නාවික හමුදාව මෙහෙයවන්නේ රටේ නාවික හමුදාව මෙහෙයවා ජයගත් අපේ වත්මන් රජ්ජුරුවන්ගේ පුත් කුමරු ය (ටිකක් ජාතක කතාවක් වගේ නේද?). අනෙත් පිළේ නායකයාව ඉන්නේ මකරා මෙන්ම සීරියස් සෙල්ලම් කරන්නට කල්පනා කළ අද බාලයෙකි.

තරගයෙන් නාවික හමුදාව පිළ පරදවා නුවර වාසීන්ට ජය අත්කර දීමට මේ මෝඩයා සීරියස් ලෙස සෙල්ලම් කළේ ය.

සීරියස් ලෙස කල්පනා කරන බොහෝ දෙනෙකුට වන දරුණු ඛේදවාචකයට නුවර නායකයා පමණක් නොව ඔහු නායකත්වය දුන් කණ්ඩයමම  මුහුණ දුන්නේ ය. ප්‍රභාකරන්ගේ භූමිකාව නුවරදී රගපෑමේ සිරියස් කර්තව්‍යයට සරිලන ලෙසම ඔහුට ද ප්‍රති උත්තර ලැබුනේ ය. ඒ ජනාධිපති ආරක්ෂක හමුදාවෙනි.

ඒ නිසා වත්මන් දුටු ගැමුණුලා අතීත දුටු ගැමුණුලා පැරදවූ එලාර තරම් වත් (වැරදි කළ තමන්ගේම පුත්ට දඩුවම් පැමිණවූ) රාජ්‍යත්වයට තමන් සුදුසු නැති බව සීරියස් ලෙස කියා සිටියදීත් තවමත් මේ නරඹමින් ඉන්නේ නාඩගමක් බව මකරාට තේරුම් නොයාම පුදුම සහගත ය.

අනේ ගිනි මකරෝ උඹ සිරියස් වන්නට ගියොත් උඹටත් වෙන්නේ ඕක ය. එක්කෝ මේ ප්‍රහසනය නරඹා අප මෙන් සිනාසෙන්නට හිතට ගනින්. නැත්නම් ප්‍රහසනයේ නලුවෙක් වී හොදට ආතල් සපයපන්. හැබැයි පුතෝ මොළය කොළොප්පම් කර නොගෙන ඉන්න ඕන කමක් තියෙනව නම් මේ යුගයේ සීරියස් වෙන්න නම් යන්න එපා!

වැඩි විස්තර සදහා “ශ්‍රේෂ්ඨත්වය පරිපූර්ණ කළේ” යයි අප පින්වත් රජුන් හදුන්වා දීමෙන් මෙවර තම පුවත්පතට දායක වන, රජුට ප්‍රශස්ති ගයන්නට මෑතක සිට සීරියස් ලෙස එක්ව ඇති, වික්ටර් අයිවන්ගේම සති අන්ත රාවය බලන්න.

Posted in: Uncategorized