ලෝකයේ එකෙකුටවත් මින්පසු අප බිය විය යුතු නැත

Posted on May 21, 2009



අපට ආඩම්බර විය හැකි අගමැති වරයෙක් සිටී.

ප්‍රභාකරන් කාටවත් බාර නොදෙන බවත් අපේ කොල්ලන්ට අච්චාරු දැමීමට දෙන බවත් කීවේ එතුමා ය. එය ඉටුවුනාද නැත්ද යන්න මේ වෙලාවේ ඇසිය යුතු නැති ප්‍රශ්නයකි.

එතුමා ගැන වඩාත් සන්තෝසය ආවේ දැන් ඉතිරී වී ඇති අපේ එකම සතුරන් වන සුද්දන්ට කණේ ඇගිලි ගහගන්නට දෙකක් මේ මෑතකදී කියු නිසා ය.

පස්ස හෝදන්නේ නැති ‍එවුන්ගෙන් කෙසේ කළ යුතු දැයි උපදෙස් ගැනීමේ කල්පනාවක් ශ්‍රී ලංකාවට නැතැයි එතුමන් ඊයේ පෙරේදා කියා තිබුනි.

සිංහ කොටි ගැටුම අවසන් නිසා පෙරදිග හා අපරදිග අතර ගැටුමට දැන් මුල පිරිය හැකි ය.

මේ යන විදිහට අපරදිගට විරුද්ධව ගෙන යන සටනේ නායකත්වය ජයග්‍රාහී ලංකාවටත් එහි මාධ්‍ය ප්‍රකාශක ලෙස තනතුරක් අපගේ ගරු අගමැති තුමාටත් ගත හැකි ය.

පස්ස හෝදන්නේ නැති වුන් දැන් අපේ අගමැති තුමාගේ කතාව නිසා ලජ්ජාවී මේ පැත්ත පළාතේ පස් පාගන එකක් නැත.

දැන් අපට ඉන්නා චණ්ඩි නිසා ලෝකයේ එකෙකුටවත් මින්පසු අප බිය විය යුතු නැත.

ලෝක‍යේ ගණන් කාරයා වීමේ ඇබෑර්තුව සදහා ඉදිරිපත් වීමට සියලු කොන්දේසි අප විසින් සම්පූර්ණ කරමින් තිබේ.

චිරං ජයතු!

Posted in: Uncategorized