මේ කවියක් නොවේ. මේ ‍ෛඑතිහාසික අවස්ථාවේ බොක්කෙන්ම ආ හුටපටයකි!

Posted on May 18, 2009



ප්‍රභා මැරිලා ය.

සියලු ප්‍රශ්නයන්ගේ මුල ගැලවිලා ය. පාපයේ කේන්ද්‍රය සුන්නත් දූලි වෙලා ය.

දැන් පොර බේරා ගන්නට ‍නොර්වේ රටට යුරෝපයට හෝ එන්ජීඕ නඩයට නොහැකි ය. රනිල් ගුරාටවත් නොහැකි ය. සියල්ල ඉවරය. සෙත්ත පෝච්චිය.

මෙතෙක් ප්‍රභාගෙන් රැකුණු බ්ලොග්කරුවන්ට යන එන මං නැති වෙලාය. පඩි ගෙවන්නට ස්වාමියෙක් නැති වෙලා ය.

ලංකාව හෙට අවදිවන්නේ ඒකීය රාජ්‍යයකට ය.

අට අනූවක් රෝග දහ අනූවක් ව්‍යාධින්ගෙන් අප දැන් මිදිලා ය.

ලෝකෙන්ම උතුම් රට බවට පත්වන්නට තිබූ එකම බාධකය දැන් ඉවර ය.

මේ තත්වය අපේ රටට උදාකල අයට ප්‍රශස්ති ගැයීමට පෙල ගැසී එන අයගෙන් දැන් ඉවරයක් නැත.

උඹ විතරක් ඇයි පැත්තක?

මේ මෙතෙක් කොන්ද කෙලින් තියා ගෙන හිටි අය පවා දණ්ඩ නමස්කාරයේ යෙදෙන හෝරාවයි.

එකතු වෙයන් පෝලිමට

වැදලා සමාව ගනින් කළ වැරැද්දට

තුනට හතරට නැමුනත් මොකද

පස්සෙ එකතු වෙතැකි ජය පැන් සාදයට

Advertisements
Posted in: Uncategorized