ගබ්සාව නීති ගත කරමු ද?-යකෝ මූ මොකාට ද මේ එන්නෙ!

Posted on May 16, 2009



අනූව දශකයේ මුල් භාගයේ ඇමරිකාව දරුණු අපරාධවලින් ඇලලී ගිය රටක්ව පැවතිණි. එය කොතෙක් දරුණුවි ද යත් ඇමරිකාවේ ජිවත්විය හැකි ද යන ප‍්‍රශ්නය බොහෝ මිනිසුන් තුළ ඇතිකිරිමට එය සමත් විය. තත්වය සමනය කර ගත නොහැකි ලෙස තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි බොහෝ දෙනා කීහ.

එහෙත් තවත් අවුරුදු 15-18 ක් ඇතුළත අපරාධ ප‍්‍රමාණය බොහෝ සෙයින් පහත වැටුනේ කලින් අපරාධ වැඩිවෙතැයි පුරෝකථනය කළ අය පවා පුදුමයට පත් කරමිනි.

මේ අඩුවීමට හේතුව ලෙස දැක්වෙන්නේ ගබ්සාව නීති ගත කිරිමට ඇමරිකාව කටයුතු කිරීම ය.

මේ අතර සම්බන්ධය කුමක් ද?

ගබ්සා කරන්නේ මව එක්කෝ හදා ගැනිමට අකමැති නැත්නම් ඇයට හරිහැටි හදා ගැනීමට නොහැකි බොහෝවිට අවජාතක වූ දරුවෙකි. එහෙව් දරුවන් අපරාධකරුවන් බවට පත් වීම පුදුමයට කරුණක් නොවේ. ගබ්සාව එවැනි දරු උපත් වැළකීය. ඇමරිකාවේ අපරාධ අඩුවූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙස ය.

ලංකාවේ ගබ්සාව නීත්‍යානුකූල නැතත් හොර රහසේ කරගන්නා තැන් තිබේ. එහෙත් එය නීත්‍යානුකූල කිරීමට නම් මේ සම්මජාතියේ බැරිය. නුවුමනා දරු උපත් නීත්‍යානුකූලව හෝ එසේ නැතිව අඩුකර ගැනීමේ ඉඩ අපරාධ අඩුකිරීමේලා සමත්වන්නේ නම් ඒ ඉඩට අප ඉඩ දිය යුතු ද?

අපරාධ අඩුකිරීම සඳහා ජීවිතයක් නැසීම ගැන අපේ ජනතාව කෙසේ බලාවි ද?

තමන්ටත් සමාජයටත් වැඩක් නැති ජීවිතයක් ආරම්භ කිරීමට ඉඩ දීම තේරුමක් තිබේ ද?

මේ ප‍්‍රශ්නයට උත්තර අප ඇසිය යුත්තේ හෙට අනිද්දා මිය යාමට සිටින අපේ ආතලා මුත්තලාගෙන් ද නැත්නම් නව පරපුරෙන් ද?

අප රැකිය යුත්තේ සම්ප‍්‍රදායද අපේ අනාගතය ද?

මේ ගබ්සාව සම්බන්ධයෙන් පමණක් නොව බොහෝ දේ සම්බන්ධයෙන් අපට අපෙන් උත්තර සොයා ගත යුතුව තිබෙන ප‍්‍රශ්නයකි.

Posted in: Uncategorized