මානව හිතවාදය හෝ ස්වාධිපත්‍ය යන දෙකින් හොඳම තෝරාගැනීම වන්නේ….

Posted on May 15, 2009



1988-89 වකවානුවේ එක්තරා මානව හිතවාදියෙක් ලංකාවේ කෙරෙන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සාක්කි ද ඇතිව ජාත්‍යන්තරයට ගියේ අප රටට ඇගිලි ගසන මෙන් කරන ලද ඉල්ලීමක් ද ඇතිව ය.

ඒ කාලයේ මේ පුද්ගලයාගේ කල්කිරියාව නිසා (මා අසා ඇති පරිදි) ජාත්‍යන්තරයට අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන්නට ආරාධනා කරන සම්ප‍්‍රදාය රට තුළ මුල්වරට පැන නැංගේය.

මට වඩා මගේ රටවාසීන් ගැන උන්ට ඇති කැක්කුමක් දැයි ජේ ආර් ඇසූ බවක් මට මතක නැත. පුංචි සන්දියේ සිදුවූ ඒ සංගෙඩිය පිළිබඳ මගේ මතකය බොහොම පටු ය.

මානව හිතවාදය හොඳ දෙයකි. රටේ ස්වාධිපත්‍යය ද ඒ තරමටම හොඳය. ඒ නිසා මේ මානව හිතවාදියා පසු කලෙක මහින්ද රාජපක්ෂ නමින් රජ වී රාජ්‍ය කරන කාලයේ මානව හිතවාදය වෙනුවට මතුරන්නට ස්වාධිපත්‍ය තෝරා ගත්තේ ය.

දැන් ඇසෙන්නේ වෙන බණකි. හැබැයි මානව හිතවාදය මෙන්ම ස්වාධිපත්‍යයද බණකට අපූරු මාතෘකාවකි.

ඒ නිසා බණ අහන උදවිය සන්සුන්ව බණ අසා සාධුකාර දිය යුතු යයි දත යුතු ය. මක්නිසාද යත් කලින් කී බණ මතක් කරමින් හාමුදුරුවන් අමාරුවේ දමන ප‍්‍රශ්න අහන්නේ ආගම දහම නාඳුනන නරුමයන් වන බැවිනි.

Posted in: Uncategorized