ඌ මට ගැසීම නොහොත් මට ඌ ගැසීම

Posted on May 14, 2009



ප‍්‍රශ්නය අසා තිබුනේ සී එන් එන් වෙබ් අඩවියේ ය. ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකාවේ අර්බුදයට ජාත්‍යන්තරය මැදිහත් විය යුතු ද කියා ය. උත්තරය සරල “ඔව්” හෝ “නැත” යන්න ය. මෙතෙක් ලැබී ඇති ප‍්‍රතිඵල අනුව මැදිහත් විය යුතුය කියන ගණන සියයට 80 කි .

මෙයින් පෙනී යන්නේ

  • සිංහල මිනිසුන් සයිබර් අවකාශයේ සරන්නේ අඩුවෙන් බව ය
  • සැරිසරන උන්ට පවා ජාතිය වෙනුවෙන් චන්දයක් දීමට නොහැකිව ඇති බව ය
  • BF මෙන්ම බොහෝ සිංහල උන්ද කොටින්ට කඹුරන බව ය
  • දෙමළ මිනිසුන් ලෝකයේ වැඩි බව ය
  • ජාත්‍යන්තර ප‍්‍රජාව කොටින්ගේ බසට රැවටී ඇති බව ය
  • අපේ තනාපති වරු නිදි බව ය
  • රෝහිත බෝගොල්ලගම මහතා විදේශ සංචාරයේ යෙදෙන ප‍්‍රමාණය බෙහෙවින් අඩු බව ය
  • ශ‍්‍රී ලංකාව අපහසුතාවයට පත් කරන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බව ය
  • සී එන් එන් අධිරාජ්‍යවාදීන්ට කඬේ යන යුදෙව් ක‍්‍රිස්තියානිවාදී සංවිධානයක් බව ය
  • ජාත්‍යන්තරය කවර හෝ වෙලාවක මැදිහත් විය හැකි බව ය
  • සී එන් එන් ලංකාවේ පෙන්වන්නට එපා යයි ඩයලොග් සමාගමට බල කළ යුතු බව ය
  • සී එන් එන් වහාම තහනම් කළ යුතු බව ය
  • හොඳ දෙකක් මුන්ට කතා කරන්නට හැකි එකෙක් සී එන් එන් ප‍්‍රධානීන් හමුවීමට යා යුතු බව ය
  • සිංහල ඔබ වහ වහා මේ වෙබ් අඩවියට පිවිස අපේ පැත්ත දිනවීමට චන්දය දිය යුතු බව ය
  • නොදන්නා ඉංග‍්‍රීසියෙන් නොව දන්නා සිංහලෙන් පුලුවන් නම් සංගණනය කර බලන ලෙස සී එන් එන්ට වහා අභියෝග කළ යුතු බව ය
  • කවුරු මොනවා කිවුවත් පටන් ගත් වැඬේ නතර නොකරන්නැයි පෙළපාලි යාමට කාලය එළඹ ඇති බව ය
  • මේ වෙබ් අඩවිය දකුණේ සිංහල අයගෙන් වසන් කර තබා ගත යුතු බව ය
  • මේවා බ්ලොග්වල ලියා ආතක් පාතක් නැති වුනට වටිනාකමක් දීමෙන් පෙනෙන්නේ BF ට පිස්සු බව ය
Posted in: Uncategorized