ඉතාලියේ දස්කම් දැක්වූ අපේ ඇමතිතුමාගේ පුතාට තෑග්ගක්

Posted on May 13, 2009



මර්වින් කියපු ගමන් සමහර අයට තද වෙයි. විපක්ෂයේ අයට තද වෙන්නේ මිනිහා කරන මැටි වැඩ නිසා ය. ආණ්ඩු පක්ෂයේ අයට තද වෙන්නේ ඒ මැටි වැඩ දිරවා ගන්නට බැරි නිසා ය. ආණ්ඩු පක්ෂයේ අයට තද වන්නේ නිකම් හරියට දුමින්ද කිව්වහම වගේ ය. ඉතින් එහෙව් එකෙක්ගේ පුතෙක් මාතර පැත්තෙන් දියවන්නාවට යවන උත්සහයක් ඇතැයි කියා තිබුනේ බුන්දි යයි.

මහින්ද ඒ තරම්ම ගොනෙක් නොවේ යයි ආණ්ඩු පාක්ෂිකයෙක් මෙය දුටු ගමන් කීවේ ය.

ඇත්තටම මහින්ද ගොනෙක් නොවුනාට මේ රටේ වැඩියෙන් ඉන්නෙ තණ කොළ කන අය නිසා මහින්දට ගොනෙක් නොවී ගොන් වැඩ කරන්නට වරම් ඇත්තේ ය.

ඒ නිසා මර්වින්ගේ පුත් මාතරින් දියවන්නාවට ඒම ලෝකය පෙරළන ආරංචියක් නම් නොවේ. මර්වින්ගේ කෙරුවාවල්වලට ලොක්කා දඩුවම් දෙනු ඇතැයි සිතා සිටි ආණ්ඩුවේ බුද්ධිමතුන්ට එදා වැරදුන විදිහටම මෙදාද වැරදීමට නියමිත ය. දැන් අවශ්‍ය වන්නේ ඒ කටයුත්ත සාධාරණය කිරීමට තියරියක් හදා ගැනීමට ය.

ඉතාලියේ කොටින්ට වැඩක් දීම සම්බන්ධයෙන් මර්වින් ඇමති තුමා පුදා බැනර් එල්ලා තිබුනේ ලගදී ය. කවුද දන්නේ මර්වින්ගේ පුතා දියවන්නාවට ගියොත් තව රටවල් ගානක කොටින්ට යන එන මං නැතිවන්නට නොසළකයි ද කියා!

අපට කියන්නට ඇත්තේ තව ටිකක් ඉවසන ලෙස ය. මක්නිසා ද යත් හොඳ හොඳ සෙල්ලම් පෙන්නන්ට ලක ලෑස්ති කර තිබෙන්නේ එලිවන ජාමයට නිසා ය.

Posted in: Uncategorized