දේශපාලන විද්‍යාව හදාරණ සිසුන් සඳහා ආදර්ශ බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රය

Posted on May 9, 2009



1 මර්වින් සිල්වා මහතා විශ‍්‍රාම ගිය කල ඒ තැන ගන්නට වඩාත් සුදුසුකම් තිබෙන්නේ කාට ද

a) පියසිරි විජේනායක b) විමල් වීරවංශ c) චම්පික රණවක d) රත්නසිරි වික‍්‍රමනායක

2 ශ‍්‍රී ලංකාවේ තිබෙන බහුබූත ව්‍යවස්ථාව අකුලා අධිබලැති ජනාධිපති ක‍්‍රමය අහෝසි වනු ඇත්තේ කිනම් වසරක ද

a) 2009    b) 2010   c) 2109   d)2300

3 මහින්ද රාජපක්ෂගෙන් පසු ලංකාවේ ජනාධිපති පදවියට පත්වනු ඇත්තේ

a) ගෝඨාභය රාජපක්ෂ  b) නාමල් රාජපක්ෂ  c) බැසිල් රාජපක්ෂ  d) ශිරන්ති රාජපක්ෂ

4 ලංකාවේ යුද මුක්ත කලාපය පිහිටි ඇත්තෙ

a) මඩකලපුවේ    b) බුත්තල    c) ත‍්‍රිකුණාමලයේ  d) කොළඹ

5 යුද්ධය අවසන් වීමෙන් පසු මුලින්ම විවෘත වීමට නියමිතව ඇත්තේ

a) ඒ නමය මාර්ගය  b) උතුරේ දුම්රිය මාර්ගය  c) දකුණේ කලාකරුවන් සංවිධානය කරන යාපන සංස්කෘතික කේන්ද්‍රය  d) සිය වෙනි කොටි පුනරුත්ථාපන කඳවුර

6 පොලීසියට බාර දී ඇති ගවේෂණවලින් ඉක්මණින්ම අවසන් කරනු ඇත්තේ

a) ජානක පෙරේරා ඝාතනය b) ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලෙ ඝාතනය c) ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය d) සිවරාම් ඝාතනය

7 දහහත් වෙනි සංශෝධනය ක‍්‍රියාත්මක වනු ඇත්තේ

a) 2009    c) 2010    d) 2109    e) 3109

8 ත‍්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරීමේ කාර්යය සම්පූර්ණ කරනු වස් කළ යුත්තේ

a) ජයලලිතා හිරබාරයට ගැනීම ය
b) නොර්වේ රටට විරුද්ධව යුද්ධ ප‍්‍රකාෂ කිරිමය
c) බටහිර රටවල් සමග තිබෙන සම්බන්ධකම් නවතා දැමීම ය
d) දෙමළ ඩයස්පෝරාවට වැඩි සංඛ්‍යාවක් සහිත ඒ මට්ටමේ උනන්දුවක් ඇති සිංහල ඩයස්පෝරාවක් ද ඇති කිරීම ය

9 ආර්ථික අර්බුදය ජයගත හැක්කේ

a) ලිබියාවෙන් ඉරානයෙන් හා රුසියාවෙන් ණය ගැනීමෙනි
b) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් කොන්දේසි විරහිතව ණය ගැනීමෙනි
c) වාර්ගික යුද්ධයක් ඇතිකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ඉන්දියාවෙන් වන්දියක් ඉල්ලීමෙනි
d) අප රට යටත් කර ගත් අධිරාජ්‍ය වාදීන්ගෙන් වන්දි ඉල්ලා ගැනීමෙනි

10 ප‍්‍රභාකරන් මියගිය පසු ඊළග සතුරා ලෙස අප පත් කර ගත යුත්තේ

a) එරික් සොල්හෙයිම්වය
b) ජයලලිතාවය
c) මිලිබෑන්ඞ් වය
d) ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් දැන් වසරකටත් වඩා කාලයක් චෝදනා නැතිව හිරකරගෙන සිටින තිස්සනායගම් ගැන ඊයේ පෙරේදා නම සඳහන් කරමින් කථා කළ බරක් ඔබාමාව ය

Advertisements
Posted in: Uncategorized