ප‍්‍රභාව බේරා ගැනීමට බි‍්‍රතාන්‍යයට හා ප‍්‍රංශයට ඕනැ වූ සැබෑ හේතු විමල් සොයාගනී

Posted on May 5, 2009



විමල් වීරවංශ මහතා ගැලරියට කතා කරන කෙනෙක් යයි බොහෝ දෙනා කියති. මා නම් කියන්නෙ එතුමා තම හදවත කතා කරවන බව යි. ඒ කියන්නේ හදවතින්ම කතා කරන බව ය.

මට එසේ කියන්නට සාක්කි තිබේ. ඒ සාක්කි ලැබෙන්නේ එතුමා තමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ ජානිපෙ මධ්‍යයම කාරක සභා රැස්වීමේ කර තිබූ ප‍්‍රකාශයක් හරහා ය.

බ‍්‍රිතාන්‍යයයි ප‍්‍රංශයයි හිටි හැටියෙ කලබල වෙලා තමන්ගේ විදේශ ඇමතිවරු එවා ඇත්තේ ඇයි දැයි එතුමා තම ගෝල බාලයින්ගෙන් ප‍්‍රශ්න කළේය. මැතිවරණ වේදිකාවේදී මෙන්ම ප‍්‍රශ්නයට උත්තර ගෝලයින් සපයන්නට පෙර එතුමාම ඉදිරිපත් කළේ ය.

හෙට අනිද්ද ප‍්‍රභා අපේ හමුදාවෙන් කොටු කර ගෙන දෙකක් දෙන කොටම කියයි බි‍්‍රතාන්‍යයයි ප‍්‍රංශයයි තමන්ට උදව් කරපු හැටි. මේ එලිවීම වළක්වගන්න තමයි මේ දෙරටට  ඕන වෙල තියෙන්නෙ.

සෙසු කට්ටිය ද කටවල් ඇරගෙන බෙලි දිගුකර ගෙන මේ අලූත් සොයා ගැනීම ගැන හද පිරි සතුටින් සවන් දුන්නෝ ය.

ඇත්තටම ඇඳවල් 1000 ක් සහිත ජංගම ආරෝග්‍ය ශාලාවක් පවා ප‍්‍රංශය මේ රටට ලබා දීමට හේතු මේ මගින් පැහැදිලි වූවෙන්ඔවුහු පස්වනක් ප‍්‍රීතියට පත්වූවෝ ය.

සමහරු හිතන්නේ මෙවැනි කතා විමල් කියන්නේ ගැලරිය සැනසීමට බව ය. එසේ නොවේ. ඇත්තටම එතුමාගේ සියුම් නුවණට වෙන්නට යන දේ ඈත තියා වැටහෙන නිසා ය

දැන් අපි මෙහෙම බලමු. ප‍්‍රභාකරන් අල්ලා ගැනීමට ඇත්තටම ඇත්තේ තව දින ගණනකි. (ජාත්‍යන්තරය නොවන්නට අපි මෙලහටත් ඌ අල්ලලා ය.) මේ මොහොතේ මෙච්චර තදියන් වී එන්නට තරම් කාරණයක් මේ විදේශ ඇමති දෙපොළටම නැත. ප‍්‍රභාකරන් අල්ලා ගත්තොත් විජේවීර වාගේම ආණ්ඩුව කියන දේම, ගිරවකුමෙන්, නැත්නම් දයා මාස්ටර් මෙන්, කියන්නට පුලූවන. බැරිවෙලාවත් එහෙම නොකිව්වත් කල් වේලා ඇතිව ආධාර නොදීමේ තරහට බොරු හදා කියන්නට ද පුලූවන.

ඒ නැතත් සුද්දා කොටියාට ආධාර දී තිබෙන්නට ද පුලූවන. සුද්දාට නින්ද යන්නේ නැත්තේ ලංකාවේ සිංහල ජාතිය තවම ඉතිරිව තිබෙන නිසා ය. සිංහල ජාතිය ලොවින් අතුගා දැමීම සඳහා උන් කොහොමටත් ප‍්‍රභාට ආධාර කරන්නට ඇත. ඒ නිසා මේ එලිදරව්ව වළක්වා ගැනීම කොහොමටත් උන් කළ යුතු ය.

ඇත්තටම මේ කතාවෙන් පෙනෙන්නේ විමල්ගේ මොළයයි. ඇත්තටම දකුණත් සවු තනතුරින් පුදන්නට චම්පිකට වඩා හොඳ විමල් ය. චම්පිකට  ඕන නම් වමත් සවු තනතුර දිය හැකි ය.

කතා කරන්නේ ගැලරිය සතුටු කිරීමට නොවන බව පෙනෙන්නේ මේ ප‍්‍රකාශය මහජන රැස්වීමක දී නොව සිය මධ්‍යම කාරක සභාවේදී කළ නිසා ය.

කොචොක් කරන කෙනෙකුට උගෙ මධ්‍යම කාරක සභාවත් ගැලරියක් යයි කිව හැකි ය.

ඇත්ත එය නොවේ. මට හිතෙන හැටියට විමල්ගේ හදවතම  ගැලරියකි. ඒ නිසාම කතා කරන්නට වෙනම ගැලරියක් විමල්ට  ඕනෑ නැත. ඔහු හදවතින්ම කතා කරනවා යයි අප කියන්නේ එබැවිනි.

Advertisements
Posted in: Uncategorized