මට නැති කැක්කුමක් උන්ට තියෙන්න පුලූවන් ද – මේ යුගයේ අභීතම ප‍්‍රශ්නය

Posted on May 3, 2009



මගේ රටවැසියා ගැන මට නැති කැක්කුමක් කොහෙද ඉන්න සුද්දෙකුට තියෙන්න පුලූවන් ද ජනාධිපති තුමා සුද්ධ සිංහලෙන්ම සිංහනාද කළේ ය.

මේක අසා සිටි ප‍්‍රභාටද කේන්ති ආවේ ය. එකනේ මාත් කියන්නේ මගේ ජනතාව ගැන මට නැති කැක්කුමක් මේ සිංහල නායකයින්ට තියෙන්නෙ කොහොම ද?

ඒක අසා සිටි සුන්දරම්ට ඇඩුනේ ය. මගේ ගෑනි ගැන මට නැති කැක්කුමක් අල්ලපු ගෙදර සෝමවංශට තියෙන්නෙ කොහොම ද? “මොකද උඹ ගෑනිට මේ තරම් වද දෙන්නෙ” කියල අහන්න ඌ කවුද? මොකද මගේ ගෑනි ට කන්න දෙන්නෙ ඌ ද?

ඒ කතාව ඇසූ කුසුමේ කිව්වෙ මගේ දරුවට මං ගහන කොට අරකි ආවේ නැත් ද, මට කියල දෙන්න, දරුවො හදන හැටි! හැබෑට මං කියන්නේ මගේ කොලූ වදාපු මට නැති කැක්කුමක් ඔය පර වේ.. ට තියෙන්නෙ කොහොම ද?

යකෝ මේක හරි වැඩක්නෙ මගේ බලූපැටියා වෙච්චි, ඌට මං හිරිහැර කරනව කියන්න උඹ කවුද?

තමන්ගේ යටත් වැසියන් තමන්ගේ දේපල ලෙස සැළකීම පෙර රජ දවස පටන් එන පුරුද්දකි. තමන්ගෙන් යැපෙන්නන් ගැන ද එසේ සිතීම ආදි යුගයේ සිට පැවත එන්නකි.

සුද්දා අපට පැටවූ එක අවලම් චින්තනයක් වූයේ මේ දේපළ පිළිබඳ ශුද්ධ වූ අයිතිය ප‍්‍රශ්න කිරීමට අනෙක් අයට හැකි ය යන්න ය.

සුද්දන් පිලි නොගත්තාට ඇත්තටම ඉහත කතාවේ එන ප‍්‍රභාට හැරෙන්නට අනෙත් අයට ඒ සඳහා යුක්ති යුක්ත අයිතියක් තිබේ.

ඒ මේ දවස්වල ඇමරිකන් ජනාධිපති ද ප‍්‍රංශ ජනාධිපති ද තරගයට කියවනවා යයි චම්පික රණවක ගරු ඇමතිතුමා කිවූ මහින්ද චින්තනයට අනුවය.

Posted in: Uncategorized