පොලිස් රණවිරුවන් ඉදිරියේ දනින් වැටුණු මුදලාලි

Posted on April 19, 2009



පාන් ගේන්නට උදේ බේකරියට ගිය විට පොලිස් ජීප් රියක් ද නවතා තිබිණි. පාන් ගන්නට අප පොරකන අතරේ මුදලාලි කොල්ලෙකුට කතා කොට කීවේ අරන් තියපු මාලූපාන් වලින් හොඳම හැටක් තෝරා පෙට්ටියකට අසුරා ජීප් රියට දමන ලෙස ය. අවුරුදු පහුවී තවම මිනිසුන් වැඩට පැමිණ නැති නිසා බේකරිය ලග තරමක් වේලා රැඳෙන්නට ද සිදු විය. ටික වෙලාවකින් පොලිසියේ මහත්තැන් කෙනෙක් කැෂියර්ට මුදල් දික්කරනු දුටිමි. සල්ලි පස්සෙ ගන්න පුලූවන් කියල මුදලාලි කිව්ව! කැෂියර් මුදල් පිළි ගත්තේ නැත.

මගේ ඇස ඇදී ගියේ ණය ඉල්ලා අමනාප නොවන්න යැයි ගසා තිබුණු දැන්වීමට ය. මුදල් පස්සෙ ගන්නා මුදලාලි මා දැක නැති නිසා ද එල්ලා තිබූ දැන්වීම් පුවරුවේ කතාවත් කැෂියර් මේ කියන කතාවත් පරස්පර නිසා ද මම තරමක් පුදුමයට පත්වීමි. පස්සෙ සල්ලි ගත හැකි යයි මුදලාලි කීවේ ඇයි?

රණවිරුවන්ගෙන සල්ලි එකවර ගැනීම පොළොව නුහුලන අපරාධයක් නිසා

පොලිසියෙන් සල්ලි කොයිවෙලේත් ගත හැකි නිසා

පොලිසියෙන් මුදලාලිට වෙනත් උදව් ඇති නිසා

මුදලාලි පොලිසියෙන් කලින් අතමාරුවක් කර ගෙන ඇති නිසා

කාලෙකින් දානයක් දී නැති නිසා දන්දෙනවා නම් දිය යුත්තේ එය ලැබීමට වඩාත් සුදුසු අයට නිසා

තුන්වෙනි ලෝකයේ අප වැනි රටක පොලිසියේ රස්සාවක් ලැබෙන්නේ පින් කළ ඇත්තන්ට නිසා

වැඩිපුර යමක් කියවා නැතත් මුදලාලි ජීවිතය නැමැති සරසවියෙන් උගත මනා ශිල්පය හදාරා ඇති නිසා

දේශපාලකයින් ලගට වඩා බලවත් පොලිසිය නිසා

රුපියල් එක්දහස් දෙසියයකට වඩා මනුස්සයින් දැන ඇඳින ගැනීම වැදගත් නිසා

පොලිසියෙන් සල්ලි ගෙන උදහසට ලක්විය නොහැකි නිසා

බලය තියෙන්නේ මුදලේ නොව තුවක්කු කටේ නිසා

පොලිස් බලතල ඉල්ලා පිල්ලෙයාන් දිගටම ආණ්ඩුවට කරදර කරන්නේ ඇයිදැයි ඔහු රහසින් මුදලාලි සමග කියා ඇති නිසා

Advertisements
Posted in: Uncategorized