ඇමරිකාව ද වැළඳගන්නා මහින්ද චින්තනය

Posted on April 5, 2009



බරක් ඔබාමා හා ප‍්‍රංශ ජනාධිපති මහින්ද චින්තනය ගැන උනන්දුවක් දක්වන බව මුලින්ම අපට කීවේ හෙළ උරුමයේ නිල නොලත් නායක චම්පික රණවක මහතා ය.

ඊයේ පෙරේදා ජනාධිපති තුමාම සිය චින්තනය ඇමරිකාවේ ප‍්‍රචලිත වන ආකාරය අපට කියා දුන්නේ ය. ඒ කතාව අතිශයින් රසවත් නිසාම ඔබ සමග බෙදාගන්නට සිත් විය.

මෙවර මහින්ද චින්තනයෙන් ගුරුකම් ලබා ගෙන ඇත්තේ බරක් ඔබාමාගේ බිරිඳ ය. ඇය මහින්ද චින්තනය අනුව යමින් සිය නව ගෙවත්තේ ගෙවතු වගාවක් පටන් ගෙන තිබිණි. ජනාධිපති තුමා කීවේ තමන් පටන් ගත් ඒ කටයුත්තට අතගැසීමෙන් ඔබාමා අඹේනියද මහින්ද චින්තනය අනුගමනය කරන බවකි.

බලාගෙන ගියහම ගෝලයා හොඳය. මෙච්චරම බාල විදිහට මහින්ද චින්තනය ගෝලයා විකුණුවේ නැත. එහෙත් අයිතිකාරයා කිසිම හිරිකිතයක් නැතිවම ඒ වැඬේ කරයි.

ගෙවතුවගාව ශිෂ්ඨාචාරය තරමටම පැරණිය. එහෙව් පැරණි සම්ප‍්‍රදායක් තමන්ගේ චින්තනයේ කොටසක් ලෙස අර්ථ දැක්විය හැක්කේ අඳ බාලයෙකුට පමණකි.

හුස්ම ගැනීම ද මහින්ද චින්තනයේ කොටසක් වන දවස ළග ය. එතකොට මිනිස්සු හුස්ම ගන්නේ ද ඒ අනුව බව කිව හැකි ය.

එවිට මහින්ද චින්තනය ලොව සෑම ජීවියෙක්ම අනුගමනය කරන බව චින්තනයේ ලොක්කාට තමන්ගේ ගෝලබාලයින් ද වටකරගෙන ලංකාවේ වෙසෙන තම මෝඩ අනුගාමිකයින්ගේ මෝඩ චූන් එක සඳහා කිව හැකි ය.

සියලූ ජීවීන්ට මහින්ද චින්තනයේ සරණයි!

(ප. ලි.-  මේ අමන කතා සිංහල භාෂාවෙන් කියන  නිසා අපට ලෝකයා ඉදිරියේ සිනහවට ලක්වීමෙන් වැළකී සිටිය හැකි ය. එහෙත් ප‍්‍රශ්නය නම් ලංකාවේ තම අනුගාමිකයන් විසින් පමණක් ඇසිය යුතු මේ දේ එසේ තේරුම් නොගන්නා ලේක්හවුස් බත් බැලයින් අතින් ඉංග‍්‍රීසි පුවත්පතක ද ලියවෙන්නට ඇති ඉඩකඩ ය. කලින් වතාවක එවැනි අමන වැඩක් කළ Daily News බත්බැලයින් දෙදෙනෙකු ඉවත්කිරීමට ද ආණ්ඩුවට සිදුවුනා ඔබට මතක ඇතැයි සිතමි.)

Advertisements
Posted in: Uncategorized