තිරශ්චීන එල්ටීටිය සහ අපි – Beyond Frame Analysis of the Terrorist Outfits

Posted on March 26, 2009



එල්ටීටී සංවිධානය ලොව ඇති බිහිසුණුම ත‍්‍රස්ත සංවිධානයකි.

විසාශය හා බියවැද්දීම තමන් සතු ප‍්‍රබල අවියක් ලෙස එය විසින් හඳුනාගෙන තිබිණි.

එය ජිවිතයකට වටිනාකමක් දුන්නේ නැත. දහස් ගණන් අහිංසක ජනතාව එය තම අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා බිලි දුන්නේ ය. මරා දැම්මේ ය. අංග විකල කළේ ය. ඊට ලක්වුයේ බිළින්දන් ද වයසක ඇත්තන් ද රෝගීන් ද යන්න ඔවුන්ට ගැටලූවක් වූයේ නැත.

ලෙය ද කඳුළු ද ඔවුන් තුළ කම්පනයක් ඇති කළේ නැත.

ප‍්‍රතිවාදී මත ඉවසීමේ ආචාර ධර්මයක් ඔවුන් සතුව නොතිබිණි. තමන් කුඩාවට හෝ විවේචනය කළ සියල්ලන්ට මරණය අත් කරලීමට හෝ බිය වැද්දීමට ඔවුහු කි‍්‍රයා කළෝ ය.

ප‍්‍රබල විනාශයන් ඔවුන්ට ආශ්වාදය ගෙනාවේ ය. වෙඩි හඩ බෝම්බ හඩ කන්වලට මිහිරක් ගෙනාවේ ය. ඒවායින් නිකුත් වූ ආලෝකය උනට මනරම් දසුනක් වූයේ ය.

විනාශයේ අවි උහු බොහෝ මහන්සියෙන් හා ආශාවෙන් එකතු කළෝ ය. අත ගෑවෝ ය.

සතුරා අඩපන කළ හැකි නම් ඒ වෙනුවෙන් කවරෙකුට හෝ ගෙවන්නට වන වන්දිය කුමක් ද යන්න ඔවුන්ට කිසි කලෙක ප‍්‍රශ්නයක් වූයේ නැත.

තම අරමුණ කරා යෑමේ දී තමන් කරන කි‍්‍රයාවලට එරෙහිව ගොඩ නැගුනු ජාත්‍යන්තර මතය ඔවුන් තුට්ටුවකටවත් මායිම් කළේ නැත.

තමන්ගේ ක‍්‍රියාවන් නිසා ජනතාව සාගින්දරෙන් පෙලූනද අනේක ආර්ථික දුෂ්කරතාවයන්ට යටත් වුව ද ඔවුන්එ එය ගැටලූවක් වූයේ නැත.

එවන් තත්වයක් යටතේ ද නායකයින්ගේ ආරක්ෂාව හා සුඛ විහරණය ගැන වග බලා ගැනීමට ද එල්ටීටිය කටයුතු කළේ ය.

අපි වෙනස් ය.

ඇත්තටම අපි වෙනස් ද?

Posted in: Uncategorized