අපේ සීයාට වදන් කවි සියල්ල කට පාඩම් ය. උන්දෑ ඉන්නා කාලේ මේ කවි යස අගේට ගායනා කළේ ය. අපි වේගයෙන් අතීතය කරා යන මේ ගමනේ මේවා නැවතත් අවශ්‍ය වනු ඇතැයි හැගී ගියෙන් වදන් කවි පොත ගෙන දුවිලි ගසා නැවත පෙරලා බැලූවෙමි.
මගේ හිත නැවතුනේ එහි ඇති එක කවියක ය. එය ඔබත් දන්නවා ඇතැයි මම සිතමි.
තිබූ තැනෙක සොර සතුරන් ගත නොහෙනා
එ සැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පය මයි මතු රැකෙනා
පැරණි රජ දරුවන් පවා තමන් කෝපයට පත් කළ අය සතු සියල්ල පැහැරගත් බවට මේ කවිය අපට කියයි. ඒ කියන්නේ දැන් මේ වකවානුවේ සිදුවෙමින් තිබෙන්නේ ද අපේ පැරණි රජ දරුවන් කාලයේ සිදුවෙමින් තිබුණු දේ ම බව ය.
ඒ කියන්නේ අපි දැනටමත් අතීතයට, ඒ ශ්‍රී විභූතියට, ඒ සමුර්දිමත් යුගයට යමින් සිටින බවය. කාලෙකට පසු අපේම යැයි කිව හැකි පෙර රජ දරුවන් අනුව යමින් තමන් කෝප ගැන්වූ අයට එලව එලවා පහර දෙන නායකයෙකු අපට ලැබී ඇති බවය.
දැන් ඉතින් අධිරාජ්‍යවාදී කුමන්ත්රණවලින් බේරෙන එක නිකම් කජු කනවා වගේ වැඩකි. රටත් ජාතියත් උන්දෑට බාර දී හිතේ නිස්කාංසුවෙන් අපට දැන් නිදිවැදිය හැකි ය.
සීයා කිවු වදන් කවිය මා ගෙන ගිය දුර!
මොකක් කියෙවුවත් යන්නේ අප මුහුණ දෙමින් සිටින අභාග්‍ය සිහිපත් කරවීම කරා ය. රජෙකුගේ කෝපය නිසා දහස් ගණනක් මිනිසුන්ගේ ජීවිත මත හිංසනයේ හෙවනැල්ල වැටී ඇති මේ නරකාදිය කරා ය.
ගයන්ත
March 20, 2009
ඉස්සර නම් 4වෙනි පදේ හරි බේරිලා තිබ්බා.
දැන් යන විදිහට නම් ඒකටත් කෙලවෙන හැඩයි…. 😀
Amila
March 20, 2009
Jathika chinthana blog (belong to a gang of Nalin De Silva) has stated that you are a person called chamil Jayaneththi. I think they are trying to throw mud at you. If that person is not you please say that.
Minoli
March 20, 2009
@Amila
No need to know the identity of Beyond Frame or any other Anonymous Blogger .Really matter is what he is saying .
And i think the admin of the blog you mentioned is a maniac and we need to totally ignore it.
බබානිස් ගුරා
March 20, 2009
Do not answer Nalin or any idiot. they can live with their dreams. Nalin’s son is in US working for microsoft while he discouraged people like GEVINDU KUMAARANATUNGA (brilliant student ) from doing a PhD in a western country. Today this guy runs a printing shop at CHINTHAYANA PARSHADAYA. NAlin’s second son was educated at GATEWAY- External university degree in Computing. bloody hypocrits!
Used Time
March 20, 2009
ane please don’t insult their beloved nalin…. he is trying to get the girls at kelniya topless… what r u? a homo?
beyondframe
March 21, 2009
@ Comments by Tharaka de Silva
Three comments under this name had been retained without publishing as those amounts to character assissination of a father of an individual.