ලොජික් ඔෆ් ලයිෆ් සහ අපේලොජික්- Logic of Life vs “Ape” Logic

Posted on March 19, 2009



ඇමරිකාවෙ කල්ලන්ට වෙලා තියෙන වින්නැහිය ගැන පර්යේෂණාත්මක විග‍්‍රහයක් තියෙන පොතක් තමයි ඒ. පොත ලියල තියෙන්නෙ Tim Harford කියන ආර්ථික විද්‍යාඥයා. ඇත්තටම පොත පොදුවේ අපේ තීරණ පිටුපස තියෙන තර්කය Logic of  Life ගැන ලියවුනක්. ඒ වුනාට මගේ අවධානය වඩාත් ඇදිල ගියේ එහි තිබුණු මේ වාර්ගික වෙනස්කම් විග‍්‍රහ කරපු කොටසට යි.

කල්ලන්ට එරෙහි වෙනස්කම් තාමත් ඇමරිකාවෙන් තුරන් වෙලා නැහැ . ඒත් ඒව අද පවතින්නේ වාර්ගික වෙනස්කම් හැටියට වඩා තාර්කික වෙනස්කම් හැටියට.

බහුතරයක් කල්ලන්ගේම වැඩ නිසා (හැබැයි කල්ලන්ගෙ වැඩවලට හේතු හෙව්වොත් ඒවා තියෙන්නෙ කල්ලන්ගෙන් බාහිර පළල් සමාජය ඇතුළෙ) කල්ලන් ගැන ඇතිවෙල තියෙන පූර්ව නිගමන, කල්ලන්ට එරෙහිව ගන්නා තීන්දු තීරණවලට සාධාරණත්වයක් ලබා දෙන බවයි එයින් කියවෙන්නෙ. අපි තව දුරටත් මේක විස්තර කරගන්න බලමු.

කල්ලො වැඩිදෙනෙක් හොඳට වැඩ කරන්නෙ නැහැ. ඒ නිසා බොහෝ ආයතන කල්ලන් වැඩට ගන්න කැමති නැහැ. ඒක වැඩ කරන්නට ලෑස්ති කල්ලන්ටත් එරෙහි වෙනස්කමක් වෙනව.

මේ නිසා කල්ලො ඉගෙන ගන්න වැඩි උනන්දුවක් නැහැ. ඉගෙන ගත්තත් රස්සාවල් ලැබෙන්නෙ නැත්නම් ඇයි අපි ඉගෙන ගන්නෙ කියන තර්කය ඔවුන්ගෙ ඔලූ ඇතුළෙ වැඩ කරනව.

ඊට අමතරව බැරිවෙලාවත් කල්ලෙක් පොතක් පතක් කියවන ඉගෙන ගන්න මාවතට වැටුනොත් සෙසු කල්ලන් ඔහුව කොන් කරනව “ඇක්ටින් වයිට්” කියල. ඒක හරියට අපේ කලූ සුද්ද කියන්නැහේ වචනයක්. ඒ නිසාත් කල්ලන් ඉගෙනීම අතහරිනව.

ඒ නිසා වෙනස්කම් කරන්නේ නැති ආයතනවලට පවා පිවිසීමේ ඉඩ උන් අහුරා ගන්නව.

ඉගෙන ගන්න මාවත වැටුනු කල්ලන් පුදුමාකාර විදිහට තනි වෙනව. ඉගෙන ගන්න කල්ලන්ට පවා සුදු කොල්ලන් අතින් සාධාරණය ඉටුවෙන්නේ නැහැ කියල කිව්වොත් ඒක මුලූමනින්ම සාධාරණ නැහැ. සුදු කොල්ලන් හා ඇසුරට වැටුනොත් ඉන් කල්ලන් අතර තවත් කොන් වෙයි කියන බයට ඔවුන්ම සුද්දන්ගෙන් ඈත්වෙන්නටත් තැත් කරන බවයි කියවෙන්නෙ. ඉතින් මේ තනිවීම දකින සෙසු කල්ලො ඉගෙන ගන්න අකමැති වෙනව.

ඉගෙන ගන්න හා වැඩ කරන්න ලෑස්ති කල්ලො පවා මේ තත්වය නිසා දුක්විඳිනව. සමාජය තමන්ට වෙනස්කම් කරනව කියල කියනව. උන්ට ඒක එහෙම දැනෙනව.

බරක් ඔබාමාගේ ආගමනය වැදගත් වෙන්නේ මේ මානසිකත්වය ඉවත්කරලීමට ඉන් උදව්වක් ලැබෙන නිසයි. කල්ලෙක් කිව්වහම තිබුණු ප‍්‍රතිරූපය මෙයින් තරමක් දුරට තුරන් වෙල යාවියයි ඇමරිකානුවන් විශ්වාස කරනව. ඒ සඳහා බරක් ඔබාමා සාර්ථක වීමත් අනිවාර්ය යි.

ඒ නිසා බරක් ඔබාමාගේ සාර්ථකත්වය ඉහළින් පතන අය අතර කල්ලන් මේ හසුවී තිබෙන අධම විෂම චක‍්‍රයෙන් ඔවුන්ගේ ඉවත්වීම ඉතසිතින් අපේක්ෂා කරන අයත් ඉන්නව.

මේක කාට හරි වුවමනානම් ලංකාවේ වර්තමාන වාර්ගික වෙනස්කම් කියන සංවාදයට දාල බලන්න පුලූවන්!

Advertisements
Posted in: Uncategorized