ලෑන්ඞ් ලයික් නෝ අදර්

Posted on March 14, 2009



ටී එම් වී පිය උත්සවාකාරයෙන් ආයුධ බාර දුන්නේ ය. ටී එම් වී පී යේ පැරණි නායකයා වන කරුණා කීවේ තමන් තවදුරටත් අවි දැරීමට තීරණය කර ඇති බවකි.

ටී එම් වී පී ය ඇත්තටම අවි බාර දුන්නේ ද නැත්නම් පොඩි ෂෝ එකක් දැම්මේ දැයි කියන්නට අපි දන්නේ නැත. ඇත්තටම කරුණා පවා දැන් තමන්ගේ විරුද්ධවාදියා වී සිටින්නාවූද කලකට ඉහත තම දෙවැනියාව සිටියා වූ ද පිල්ලෙයාන්ගේ අවි බාරදීම පිළිබඳව සැක පහළ කරයි.

මේ අවි බාර දුන්නේ ඇයිද යන්න හෝ මේ අවි මෙතරම් කල් තියා ගත්තේ ඇයි ද යන්න හෝ හරිහැටි පැහැදිලි නැත. කොටි තවමත් මුදාගත් නැගෙනහිර ආයුධ භාවිතා කරති.

රටේ නීතිය මේ අවි දැරීම ගැන සහ අවි බාර දීම ගැන කියන්නේ කුමක් දැයි යන්න හරිහැටි පැහැදිලි නැත. ඉස්සර නම් ඒවා ගැන ඇතිවන්නට සංවාදයන් තිබිණි. ඒවා නැතුවාට දැන් කමක් නැත. නීතිය මේ ගැන කියන්නේ කුමක් ද යන්න අද එතරම් වැදගත් නැති නිසා ය. දැන් එය ක‍්‍රියාත්මක වන්නේ ආණ්ඩුවට  ඕනෑ ප‍්‍රමාණයට පමණකි.

සමහරු කියන්නේ ආණ්ඩුවේ හොඳ නම ගන්නට කරුණා හා පිල්ලෙයාන් අතර තරගයක් ඇති බව ය. දෙන්නාම ආණ්ඩුවේ බූවලා වූවාට නයි වෛරක්කාරයෝ ය. ඒ එක්කම දෙන්නා අතර පැහැදිලි තරගයක් ද ඇත. ආණ්ඩුව දෙන්නාගෙන් වෙන වෙනම ද දෙන්නා අතර විරසකයෙන් වෙනම ද ප‍්‍රයෝජන ගනිමින් සිටි.

මේ නිසා ශ‍්‍රීලනිපයට අලූත් මානයක් එක් වී ඇත. ඒ කරුණා නොවේ. කලින් ත‍්‍රස්තවාදීන්ව සිටි බොහෝ දෙනා ශ‍්‍රීලනිප ය තුළ ඉන්නා බැවින් එහි අරුමයක් නැත. දකුණේ පක්ෂයක් වූ ශී‍්‍රලනිප ය දැන් සන්නද්ධ ය.

කරුණා ශ‍්‍රීලනිපයේ සිටීමත් කරුණාගේ කණ්ඩායම සන්නද්ධව සිටිමත් නිසා මේ අලූත් මානය ඇතිව තිබේ. ශ‍්‍රීලනි පාක්ෂිකයින්ට තමන් සන්නද්ධ දේශපාලන කණ්ඩායමක සමාජිකයින් යයි ආඩම්බරයෙන් කිව හැකි ය.

මේ ශ‍්‍රී ලංකා දිවයින තුළ තව බොහෝ දෑ සිදුවීමට නියමිත ය. මේ දිවයින දැනටමත් ලෝකයේ සිව් දිග ප‍්‍රසිද්ධ කර ඇත්තේ ලෑන්ඞ් ලයික් නෝ අදර් කියා ය.

Posted in: Uncategorized