මහින්දගේ නම තිබුනට මේව ඉතින් අපි තමයි …චින්තනය පැතිරෙයි

Posted on March 9, 2009



ඔබාමාට නැවත ඉගෙන ගන්නට සිතුනේ ය. ඒ ලංකාවේ ජනාධිපති තුමාගේ දිනෙන් දින ඉහළ යන කීර්තිය හමුවේ තමන් හිරු දුටු කදෝ පැණියක් මෙන් මිලිනව යාම නිසා ය.

ලෝක පරිසර සංවිධානයක මහපුටුවක් දරණ ශි‍්‍ර ලාංකික ඇමති වරයෙක් ඔහුට මුණ ගැසුනේ මේ අතරේදී ය. තරමක ලජ්ජාවකින් යුතුව ද යටහත් පහත් භාවයකින් යුක්තව ද ඔහු මේ ජගත් සංවිධාන නායකයා ඇමතුවේ තමන් ශ‍්‍රී ලාංකික ජනපතිගේ චින්තනය ගන වැඩිදුර ඉගෙන ගන්නට කැමති බව කියා ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්දැයි අසා කියා දැන ගන්නට ය.

ආ ඒක කොච්චර සිම්පල් වැඩක් ද ඇමති කීවේය. පුදුමයකට මෙන් තමා ඒ ප‍්‍රකාශය හමුවූ බොහෝ ශ‍්‍රී ලාංකිකයින්ගෙන් අසා ඇති බව බරක් ඔබාමාට මතක් විය.

මේක නම් මහ පුදුම රටක් විය යුතු ය. ඒ රටේ උන්ට  ඕනෑම දෙයක් හරි සිම්පල් ය. ඇත්තටම ඇමරිකාවට ඉගෙන ගන්නට තිබේ නම් ඒ වගේ රටකින් විතර ය.

බොහෝ ජගත් සංවිධාන සභාපති කම භාර දීම සඳහා ශ‍්‍රී ලාංකිකයින් සොයන්නේ මේ හේතු නිසා විය යුතු ය. ඔබාමාට නිමල් සිරිපාලව ද මතක් විය. දක්ෂ ගණන් කාරයා!

ඇත්තටම ඔබාමා, ප‍්‍රංශ ජනාධිපතිටත් මං කොපියක් දුන්න, අපේ චින්තනේ. එතුමත් මේ දවස්වල යන යන තැන ඒක ගෙනියනව කියල කිව්ව. ඉංග‍්‍රීසි පිටපතක් නිසා කියවගන්න අමාරු ඇති. ප‍්‍රංශ පරිවර්ථනය තාම කරල ඉවර නෑනෙ.

ඔබාමා මටත් එකක් ගන්න බැරි ද? මම ඔබේ රටට උදව් කරන්නම්!

ඵිස්සු ද? ඇමරිකාවේ උදව් අපිට මොකට ද? ඇමරිකාව නොදියුණු කමේ පතුලෙ හිටිය කාලෙ ලොකේ වැඩ කාරයො වෙලා හිටියෙ අපි!

අනිත් එක  ඕක එවන එක කොච්චර සිම්පල් වැඩක් ද? මම හෙටම එවන්නම්. චම්පික රණවක මහතා එවර ආඩම්බරයකින් උත්තර දුන්නේ ය.

මහින්දගේ නම ගහල තිබුනට මේව ඉතින් අපි තමයි හැදුවේ ඇමති තුමා ලග ශිටි ගෝලයාට සිංහලෙන් කීවේ ය.

එහෙනම් එවනවනෙ? මුව නොසෑහෙන සේ ස්තුති කොට බරක් ඔබාමා නික්ම ගියේ ය.

සර් විමල් නම් කිය කිය ගියේ චින්තනය හැදුවේ එයා කියල. ගෝලයා නිෂ්චයට මේ වැදගත් චින්තනයේ අයිතිකරු දැනගනු රිසියෙන් විචාලේ ය.

ඔහෙ කියපුවාවෙ. පක්ෂෙනුත් විසි වුනු එකානෙ. මගෙ අදහසක් තියෙනව ඔය අපේ පක්ෂෙ පුංචි තනතුරක් දීල මිනිහව මෙහෙට ගන්න. එතකොට මිනිහ කියාවි  ඕක හදපු මිනිහ ඇත්තටම කවුද කියල. මගෙ ප්ලෑන හරි ගියොත් අපි ගොඩ! මිනිහ දක්ෂය. ෂහ් ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද?

චම්පික ඇමති කෝල් එකක් ගත්තේ ආරංචිය ලංකාවේ පත්තරවලට දෙන්න ය.

පත්තර වල මෙය පළවූ පසු චම්පික මහතාට තරු විසිවුනේ ය. මේ ප‍්‍රවෘත්තිය අහන අනිත් රාජ්‍ය නායකයින්ටත් චින්තනයේ පිටපත්  ඕනැ වෙන්නට පුලූවන. එහෙත් තමා වෙත ඔබාමාට දෙන්නටවත් පිටපතක් නැත.

චින්තනයේ පිටපතක් තිබෙන කෙනෙක් වෙතොත් ඉක්මණින් ඔහු වෙත එවන මෙන් චම්පිත මහතා කරුණාවෙන් ඉල්ලා සිටියි (වෙලාවේ හැටියට ¥විලි ගැහුණු දුර්වර්ණව ගිය පිටපතක් වුව කමක් නැත).

Posted in: Uncategorized