විදේශ විනිමය මෙන්ම මුදල් ද පහුගිය දවස්වල අතිශයින් උද්දාමයෙන් යුතුව අපි පුච්චා දැමුවෙමු නාස්ති කළෙමු ඒ කවර දේ වෙනුවෙන් දැයි නැවත නැවතත් කීමේ තේරුමක් නැත
ආණ්ඩුවට ප්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් දැන් නැත ඒ සියල්ලේ අවසන් ප්‍රථිපල යයි
ලෝකබැංකුව වෙත හිගමනේ යන්නට සිදුවෙතැයි කියන විට ආණ්ඩුව එවන් අවශ්‍යතාවයක් නැතැයි කියා සිටියේ ය තමන්ට ලෝක බැංකු මුදල් අවශ්‍ය නැතැයි ආණ්ඩුව පහුගිය කාලයේ පාරම්බෑවේ ය ඊට ප්‍රබල හේතුවක් තිබිණි ඒ දේශපේ‍්‍රමිත්වය හරහා සංචිත පුරවා ගත හැකි ය යන අපේක්ෂාව ය
ආණ්ඩුව කළේ පිටරට සිටින දේශපේ‍්‍රමීන්ට රටට තමන් ඉපයූ මුදල් එවන ලෙස ආරාධනා කිරීමය සියයට විස්සක ප්‍රසාද දීමනාවක් ලබා දෙන පොරොන්දු මැද්දේ ද උන් පිහිටට ආවේ නැත
වැඩි පොලියට වෙළඳ ණය ගැනීමද ණය පියවීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකාවට මෑතක දී ඇති ඍණාත්මක රේට්ටු නිසා වඩාත් දුෂ්කරව තිබේ පහුගිය කාලයේ ආණ්ඩුව අඩු පොලියට දෙන අරමුදල් පතා ලෝක බැංකුව වෙත යනු වෙනුවට කොන්දේසි විරහිත ණය ගැනීම සඳහා සාමාන්‍ය වෙළඳපොලේ වැඩි පොලියට ණය දෙන්නන් සොයා ගිය මුත් දැන් එය කරන්නට ද අපහසු ය
ඒ සියලූ අපේක්ෂා සුන්වූ පසු දැන් ලෝක බැංකුව වෙත දණ ගාමින් යන්නට ආණ්ඩුවට සිදු වී තිබේ
In what amounts to a vigorous change of heart – or a sudden acknowledgement of ground reality, the Central Bank of Sri Lanka yesterday announced that the government of Sri Lanka is indeed negotiating with International Monetary Fund(IMF) to seek US$1.9 billion ( ie Rs 219 billion) in the range of 300% of country’s current IMF quota.
– Daily Mirror Breaking News
ශ්‍රීලංකාව ඉල්ලා ඇත්තේ මුල්‍ය අරමුදල අප රට වෙනුවෙන් වෙන්කර ඇති මුදල මෙන් තුන් ගුණයකි එයින්ම අර්බුදයේ තරම පෙනේ
දේශපේ‍්‍රමය පුම්බා තිබෙන බැලූමකි එය ඇතුළතින් හිස් ය ආර්ථිකය බිඳවැටෙන කල දේශපේ්රමයේද හුලං බැස යයි
ආණ්ඩුව මේ මුහුණ දෙමින් සිටින්නේ ඒ යථාර්ථයට ය හෙට අනිද්දා ජනතාව ද ඒ යථාර්ථයට මුහුණ දීමට නියමිත ය
දැන් ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව ණය ගැනීමට අපට සිදුවේ බොරු ගණන් දමා සංවර්ධන දර්ශකයින් පුම්බා ඇති නිසා අපට සහන පදනමක් යටතේ ණය ගැනීමට ද ඉඩක් නැත පොහොසත් රාජ්‍යයන්ට අරමුදල ණය දෙන්නේ වැඩි පොලියට බැවිනි දැන් තියෙන්නේ පිම්බූ දේ අමාරුවෙන් ගිලීමේ කාර්යයයි
ඔල්වරසන් හඩ මිලින වෙමින් තිබේ ඒ මහත දෙයක් ගිලින විට කෑගැසීම අමාරු නිසා ය
උතුරේ යුද්ධය මිලිනව යන්නේ දකුණේ යුද්ධයක් උත්පාදනය කරමින් ද 71, 88-89 නැවත කරලියට පැමිණෙයි ද?දැනටමත් ජවිපෙ වෘත්තීය සමිති ලංවිම ප්‍රතිසංවිධානය පිටුපස පුද්ගලීකරණයේ සැළසුම් ඇතැයි කියමින් යුද ප්‍රකාශ කර තිබේ!
විමල් වීරවංශ සහෝදරයා ප්ල්ග් එක හයි කිරීමට දේශපේ‍්‍රමයේ නාමයෙන් බකප් එකක් දෙයි ද? සහෝදරයා ඇරඹීමට නියමිත දකුණේ යුද්ධයේදී සිටිනු ඇත්තේ මොන පැත්තේද?
මේ ඇගවෙන්නේ හෙට අනිද්දා වනවිට දේශපේ‍්‍රමයේ මායිම් බොඳවී යනු ඇති බව ද
නිදහස් අදහස්
March 7, 2009
well said
රන්දික...
March 7, 2009
ලංකාවේ විදේස් විනිමය සංචිතය අඩුවීමට ප්‍රධාන හේතුව ලෝක මුල්‍ය අර්බුධය වෙන්න පුළුවන්…
විදෙස් මුදල් ලැබෙන ප්‍රධාන මාර්ග වන,
විදේස් ආයොජන ප්‍රමාණය අඩු වීම
විදෙස් වල සිටින අය මුදල් නොඑවීම
සංචාරක කර්මාන්තය බිද වැටීම
සහ අපනය ක්ෂෙත්රයේ විශාල බිද වැටිම යන සියල්ලටම ප්‍රධාන හේතුව ලෙස මම දකින්නෙ ලෝක ආර්ථික අර්බුදය..අනික ලංකාවේ පවතින යුද්ධය…
ණය කතාව නම් සහතික ඇත්ත…ඔකුන් මොන මොන කොන්දේසි දායිද කියන එක නම් සැක තමයි.ඕනම නම් මුදාගත්තයින් පස්සෙ උතුරෙන් කෑල්ලක් ලියල දෙන්න බැරිය….
අනේ ඔය ජේවීපී නඩේට නම් කොරන්න ඇහැක් කෙන්ගෙඩ්යක් නම් නැහැ…ජවිපෙ යකා නම් කළු නැහැ ඒ තරම්
හැබැයි පුතෝ අපිට හරියට ලෝක මුල්‍ය අර්බුධය දැනුනෙ නැහැ..දැනෙන්න ගත්තොත් දකුණත් විකුණන්න නම් වෙයි තමයි…
ජාතික ආර්ථික කොරන්න කාලේ තමයි දැන්!!!!
federalidea
March 7, 2009
good one. I like it. Thanks.
beyondframe
March 7, 2009
@ රන්දික
දේශපාලනය පුදුම දෙයකි 56 අටට බැස තිබූ එජාපය 77 හයෙන් පහක් ලබා ගෙන බලයට පත්විය 71 බිමට සමතලා වී තිබුණු ජවිපෙ 88-89 කාලයේ නැවතත් අලු ගසා නැගිට්ටේය නියගයට දාව ගිය සමහර පැළ ඊළග වැස්සත් සමග උපදියි අවශ්‍ය තත්වයන් නිර්මාණය වු විට මැරී තිබූ සංවිධාන පවා නැවත උපදින්නට පුලූවන ඒ නිසා ජවිපෙට හෝ එල්ටීටීයට මරණ සහතික දෙන්නට මා නම් ඉක්මන් වන්නේ නැත
බින්කු
March 8, 2009
ඔබ මේ කියන කාරණාවල මම එකඟ වෙමි. එසේ යැයි මම කියන්නේ විදේශ සංවිධාන වලින් ආධාර හා නය ලබා ගන්න යැයි නොවේ, රටේ තිබෙන සම්පත් හා ශ්‍රමය ඇතුළු සාධක වලින්ම විසදුමක් සෙවිය යුතු බවයි, ඒ සදහා පුළුස්සන නොට්ටු කාසි යෙදවිය යුතු බවයි. කාබන් කොපි නොගසා අපේම ක්‍රමයකින් නිශ්පාදන ක්‍රියාවලියක් ඇරඹිය යුතු බවයි. එසේ නොවේද?
බින්කු
March 9, 2009
ඉස්සරහට නරියා මොකා කියාවිද දන්නේ නෑ?