අවලංගු කළ නේපාල සංචාරය

Posted on March 4, 2009



ශී‍්‍ර ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කම්පනයට පත් අපේ ජනාධිපති තුමා නේපාලයේ තම සංචාරය අවලංගු කර ශ‍්‍රි ලංකාවට පැමිණි බව වාර්ථා විය. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල කර ප‍්‍රහාරය නින්දිත බවට සැකයක් නැත. එයින් රටේ නායකයා කම්පාවට පත්වීම ද අතිශයින් ස්වභාවික ය. එහෙත් ස්වාභාවික නැත්තේ එය නේපාල් සංචාරය අවලංගු කිරීමට තරම් හේතුවක් වීම ය.

මගේ මොළයට නොවැටහෙන තැන් ඔබ වෙත ඉදිරිපත් කර ඔබේ අදහස් විමසීම මගේ හැටි ය.  මේ හදිසි අවලංගු කිරීමට හේතු සෙවූ මගේ සිත දිව ගිය තැන් ඔබේ ඥාන විභාගය සඳහා මෙසේ සනිටුහන් කොට දක්වමි.

සංචාරය අවලංගු කර ලංකාවට පැමිණියේ

1 ප‍්‍රහාරය හෙලා දැක ප‍්‍රකාශයක් කිරිමට ඉක්මණින් අවශ්‍ය නිසා ය

2 මේ ගැන කළ යුත්තේ කුමක් දැයි තමන්ගේ උපදේශයකයින්ගෙන් වහා විමසිය යුතු නිසා

3 තුවාල ලත් අපගේ ක‍්‍රීඩකයින් නිසි ප‍්‍රතිකාර අපේ ආරෝග්‍යශාලාවලින් ලැබේදැයි සැක පහළ වූ නිසා ය ලෝක සංවිධානයේ සභාපති වුනාට සෞඛ්‍ය ඇමතිවරයා කතා කරන හැටියට මෙයත් අනාගනී දැයි බිය වූ නිසා ය

4 කම්පනයට පත් අපේ ක‍්‍රීඩකයන්ගේ සිත නිවීමට තමාම පැමිණිය යුතු යයි කල්පනා කළ නිසා ය ලොකුගේට එවන් වැඩක්වත් හරියට කරගත හැකි දැයි සැකයක් ඇති නිසා ය

5 මේ පිළිබඳව පරීක්ෂා කොට වැරදි කරුවන් ඇල්ලීමට පොලිස් පරීක්ෂණ කණ්ඩායම් කීපයක් පත් කරන ලෙස පොලිස්පතිට උපදෙස් දීමට සිතුන නිසා ය තමන්ගේ උපදෙස් නැතිව පොලිස්පති කි‍්‍රයාමාර්ගයක් නොගනු ඇතැයි දන්නා නිසා ය

6 එල් ටී ටී ය අවසන් කර ඇති නිසා ඊලග යුද්ධය තලේබාන් හා අල්කයිඩා සංවිධානවලට විරුද්ධව වහාම ඇරඹීමට තීරණය කළ නිසා ය

7 පිටරට ඥාතීන් එවුවේ නැති විදේශ විනිමය රටට ගෙනෙන කි‍්‍රකට්වලටත් කෙළ වුනාහම විදේශ විනිමය ලබා ගන්නේ කෙසේදැයි ඉක්මණින් සොයා බලා විකල්ප මාර්ග පාදා ගත යුතු නිසා ය

8 ජනාධිපති කෙනෙකුට දෙන ආරක්ෂාව ක‍්‍රිකට් කණ්ඩායමටත් දෙන බවට පකිස්ථානය දුන් පොරොන්දුව තිබියදීත් මෙසේ ප‍්‍රහාරයක් එල්ලවූවා නම් එවැනි මිලිටරි ශක්තියක් නැති නේපාලය තුළ තමන්ට වුනත් විශ්වාස නැති නිසා ය

9 ජනාධිපති ආරක්ෂාවක් ඉක්මවා ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරයක් එල්ල කළේ කෙසේදැයි විමසා දැනගෙන සිටීම ඇගට ගූණ නිසා ය

10 එහෙමට යමක් නේපාල සංචාරයෙන් බලාපොරොත්තු නොවුන නිසා ය

ඕනැම උත්තරයක් කුණුහරුප නැතිව එවන්නේ නම් වෙනදා මෙන්ම පළ කරනු ඇත

Advertisements
Posted in: Uncategorized