රට බේරා ගැනීමේ මාවත

Posted on March 2, 2009



පසු ගිය මාස 6 ඇතුළත ඇගලූම් කර්මාන්තශාලා 50 ක් පමණ වැසි ගොස් ඇත. ඇගලූම් කර්මාන්තයේ දැවන්තයන්හට පවා තමන්ගේ සමහර අංශයන් වැසීම දක්වා අර්බුදය දුර දිග ගොස් තිබේ. ඒ ලෝක ආර්ථික අර්බුදය හමුවේ ය.

ඊයේ පෙරේදා ෆ්ලිච් රේටින් ආයතනය අපගේ ණය පියවීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බවට රේටින් එකක් දුන්නේ ය. එයට ප‍්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ ඉතා සීඝ‍්‍රයෙන් පහල වැටෙමින් තිබෙන විදේශ විනිමය සංචිතයන් ය.

ඵිටරට සිටින අපේ ඥාතීන් වෙත අත දිගු කළේ වී නමුත් උන් පිළිසරණට පැමිණ නැත. සිංහ කොඩිය අරන් වනන්්නට කොහේට හෝ එකතුවනවා විනා තමන් මහන්සියෙන් උපයා ගත් දේ හොලවන්නට දේශපේ‍්‍රමයට වැඩි දෙයක් උන් ඉල්ලා සිටින බව පෙනෙන්නට තිබේ.

අවසානයේ පිහිට පතන්නට සිදුවන්නේ මැද පෙරදිගට යන කාන්තා ශ‍්‍රමිකයින් මත ය. බුරුතුපිටින් අපේ ගෑනු රට පටවා හැරෙන්නට අපට විකල්පයක් නැත.

අපි යුද්ධය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියේ ගමේ වීීරයින්ගෙනි. රට බේරා ගන්නට ගෑණුන් පරිත්‍යාග කර වෙස්සන්තර භූමිකාව රගන ලෙස ඉල්ලා සිටීමට අපට සිදුව ඇත්තේ ද ඒ පරපුරෙනි.

තව තවත් බදු වැඩිකොට උන්ට ජීවත්වෙන්නට බැරි රටක් බවට මෙය පත් කරන්නේ නම් උන් වැඩි කෙඳිරියක් නැතිව ගෑණු පිටරට පටවන්නට ඉදිරිපත් වෙනවා ඇත.

මෙයට හොඳ සාක්කියක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ඒඑ ක්තරා සමාජ ආර්ථික සමීක්ෂණයකට ගමකට ගිය අපේ සහෝදරයෙකුට ගැමියෙකු පැවසූ කතාවකිනි.

මහත්තයො හේන් කරන එක තහනම් කරල. දැන් ඉතින් අපිට ඉතුරුවෙල තියෙන්නෙ මාර්ග දෙකයි. එක්කො ගෑණි රට පටවන්න  ඕන. එහෙම නැත්නම් දරුවො යුද්දෙට යවන්න  ඕන.

මේ කතාවෙන් කියන්නේ අමාරුකම් වැඩිකරන්නේ නම් යුද්දෙට කොල්ලන් යවන්නට පමණක් නොව ගෑණුන් රට පටවන්නට ද අපේ ගැමියන් සූදානම් බව ය. දැන් ආණ්ඩුවට කරන්නට තිබෙන්නේ උන්ගේ අමාරුකම් තව වැඩිකරන එකය.
අපි කිව්වත් නැතත් දැන් ආණ්ඩුවට ඉතිරිව තිබෙන්නේත් ඒක ය.

Advertisements
Posted in: Uncategorized