Browsing All Posts published on »February, 2009«

අභිමානය – හීනමානය – අධිමානය – නිහතමානය -ඉදිරියටත් බැණුම් ඇසීමට Beyondframe කැමතිය

February 19, 2009

4

අභිමානය යහපත් ද අයහපත් ද යන්න සංවාදයට ලක් කරමින් බ්ලොග් සටහනක් http://whiledliving.blogspot.com/දුටුවෙමි. ඒ නිසා අභිමානය ගැන ලියන්නට සිත්විය. අභිමානය යහපත් දෙයකි. අභිමානය ගොඩ නැගෙන්නේ කෙනෙකු තුළ තමන් ගැන විශ්වාසයක් ගොඩ නැගුණු විට ය. තමන් අනුන් විසින් නොව තමන් විසින් පාලනය කරනු ලැබේ යයි දැනුණු විට ය. ඒ සඳහා කෙනෙකුට පළල් දැනුමක් ද කුසළතා ද ඒවා […]

බයාදු නිවට දරු පරපුරක් වෙනුවට නොබියව ඉදිරිපත් වන ප‍්‍රශ්න කරන අභිමානවත් දරු පරපුරක් තනමු

February 18, 2009

38

වැඳුම් ලැබීමට තබා ඇසුරුකරන්නටත් නොවටිනා වැඩිහිටියන්ට පවා දෙකට තුනට නැමී වැඳීමටත්, අනුවණ වැඩිහිටියන්ගේ මෝඩ කියමන් පවා විරුද්ධ නොවී ඉවසා වදාරන්නටත්, ඉතාම නොවටිනා වැඩිහිටියන්ට පවා ඉඩ දී පසුපසට වී සිටින්නටත්, බල කරනු ලැබ සිටින දරුවන් බයාදුව නිවටුන්ව හැදීම ගැන උන්ට දොස් කිව හැකි ද? විචාරශීලී මනසක් වෙනුවට වහල් මනසක් තනනවා හැරෙන්නට වැඩිමනත් දෙයක් කරන්නට එවන් වටපිටාවකට […]

ගුරු-පියවරුන් හා ගුරු-මව්වරුන් වෙනුවට සේවයට කැපවුණු වෘත්තීය ගුරුවරුන් හදමුද? Beyondframeගේ අදේශපාලනික සටහන

February 17, 2009

7

එක්තරා පුහුණු ආයතනයක පවත්වන ලද මාද සහභාගී වූ පාඨමාලාවකට යුරෝපීය බෞද්ධ භික්ෂුවක් ද පැමිණ සිටියේ ය. සති අන්ත කීපයක් පුරා පැවති පාඨමාලාවේ මුල් දින කීපයේ මේ භික්ෂුන් වහන්සේ පැමිණියේ දේශන පටන් ගෙන මිනිත්තු 20 ක් හෝ 30 ක් පමා වී ය. එක් දිනක් එතුමා නියමිත වේලාවට පැමිණි අතර දේශකයා පැමිණියේ වෙනදා මෙන්ම මිනිත්තු දහයක පමාවීමකින් […]

අවසන් සටනට පැරණි පන්නයේ බල ඇණියක් හා අත්දුටු අවි ආයුධ -යෝජනාව Beyondframe ගෙනි

February 16, 2009

15

මේ සිදුවෙමින් තිබෙන්නේ අවසන් සටන ය. කොටි අවි බිම තැබීම ප‍්‍රතික්ෂේප කරන හෙයින් ඒ අවසන් සටන වඩාත් භයානක වීමට ඉඩ තිබේ. දෙපැත්තේම මිය යන සංඛ්‍යාව අති විශාල විය හැකි ය. ඒ නිසාම දැනටමත් ලෝකයේ අවධානය ඒ දෙස යොමුවෙමින් තිබේ. අවිබිම තැබීම කොටින් ප‍්‍රතික්ෂේප කරනවාටත් තදින් තාවකාලික හෝ සටන් විරාමයක් ඇති කිරීම රජය විසින් ද ප‍්‍රතික්ෂේප […]

වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ ප‍්‍රථිපලවලින් සූන් වූ අපේ අපේක්ෂා

February 15, 2009

3

රතිඤඤ ජාතික කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අප තුළ තිබූ උනන්දුව මේ බ්ලොග් අඩවියට කලින් පිවිස ඇති අයට මතක යයි සිතමු. එහෙත් ඒ පිළිබඳ අපේක්ෂා සියල්ල වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල විකාශය වෙද්දී නැතිව ගියේය. ඊට හේතුව වූයේ අතීතයේ ලංකාවේ අහුමුල්ලක පැවතුණු අතුරු මැතිවරණයක් ජයග‍්‍රහණය කළ ද රතිඤඤ පත්තු කිරීමට යොමුව සිටි කොළඹ ජනතාව […]

පුම්බන්නේ බලාගෙන… බැලුම පුපුරන්නට ඉඩ තිබේ!

February 15, 2009

3

බැලුමක් ඇකිලී තිබෙන විට එහි ඇති ලස්සනක් නැත. එය පුම්බන්නට පුම්බන්නට එය ලස්සන වෙයි බලන්නට ආසා හිතෙයි. ඉතින් මෙයින් ආස්වාදයට පත්වන්නෝ තව තවත් බැලූම පුම්බති. එවිට සිදුවන්නේ එය පුපුරා යාම ය. ඇමරිකන් ආර්ථිකය ප‍්‍රමුඛ ලෝක ආර්ථිකයට සිද්ධවුනේ ද මේ සංගෙඩිය ය. සක්විතිට දඩුවම් මුදලාලිට හා ගෝල්ඩන් කී එකට සිදුවූයේ ද මෙයයි. ආර්ථික කරුණුවලදී පමණක් නොව […]

අපි වෙනුවෙන් උන් + උන් වෙනුවෙන් අපි = අපි වෙනුවෙන් අපි

February 14, 2009

3

ඕක මෙහෙමයි වෙන්නෙ. අපි හිතමුකො මල්ලිට ප‍්‍රශ්නයක් තියෙනව; පුතා ඉස්කොලෙ දාගන්න, එහෙම නැත්නම් නෝනට මාරුවක් හදල දෙන්න, අයියව පොලිස් කූඩුවෙන් එලියට ගන්න, ලොකු කෙලීට රස්සාවක් අරන් දෙන්න, මැණික් ගරන්න හරි කැලෑ කපන්න හරි ලයිසමක් ගන්න, ඔය කොයික වුනත්, මල්ලි කල්පනා කර කර ඉන්න ඕන නෑ, කෙලින්ම ගියා එතුමා ලගට, කාරණේ කිව්ව. ඔන්න එතුමා මල්ලි වෙනුවෙන් […]

ප‍්‍රශ්නෙ ඔහෙලට බාරයි; ඕන් පුලූවන් නම් විසඳල දෙන්න! මට එපාවෙල තියෙන්නෙ

February 14, 2009

3

අපිව බලා ගන්න ඒ කාලෙ තිස්තුන් කෝටියක මුර දේවතාවුන් හිටිය. හතරවරම් දෙවිවරු හිටියා. විෂ්ණු කතරගම දැඩිමුණ්ඩ සමන් විභීෂණ දෙවියන් හිටිය. අපට දුකක් වුන ගමන් උණුවෙන පඩුපුල් අසුනක කොයිවෙලේත් වාඩිවෙල හිටිය සක් දෙවිඳු හිටිය. අනේ, මේ අය කොහේ ගියා ද? මේක භාග්‍යවන්ත වූ දේශයක්. බුදුදහම රැක ගන්නට බාර දුන්නා යයි මහා වංශ කතු වරයා කියන්නෙත් ලංකාවට. […]

ඇයි දේශද්‍රෝහියා නොකිය පව් කාරයා කිව්වෙ

February 13, 2009

2

සංගක්කාර කීය ද දන්නෙ නැහැ එයා එයාටෙල්වලට මාරු වෙලා ප‍්‍රභාකරන් ගිහින් ද කොහෙද හොරෙන්ම පැනල ස්කොරෙකවත් දන්නෙ නැත් ද මොකේ ස්කොරෙක ද අහන්නෙ අනේ පල් බූරුවා සියලූ සත්වයෝ නිදුක් වෙත්වා ඕකට දෙකක් ඇනපං සතුරන්ට කඬේ යන වේ  ගෙ පුතා අපි දිනයිද යකෝ උඩින්ම ? කෑම කාපු පරිප්පුව මදිද හැම තැනම කුමන්ත‍්‍රණ බේරෙන්න බැහැ එන්ජි ඕ […]

ඡන්දෙ විතරක් දැනට දෙන්නකො

February 12, 2009

4

ඇත්තටම එහෙමකට කියල වැඩක් මට ගමට කරන්න ලැබුනේ නැහැ. මම ඒක නිහතමානීව පිලිගන්නව. බුදුහාමුදුරුවො වුනත් කියල තියෙන්නේ තමන්ගෙන් පටන් ගෙන තමන්ගේ නෑදෑ මිත‍්‍රයන්ට හිතවතුන්ට මෛත‍්‍රීය මුලින් පතුරුවන්න කියල. උන්නාසෙ කියපු පාරෙ තමයි මාත් යන්නේ. අපේ පරම්පරාවම හොඳ බෞද්ධයො. දුටු ගැමුණුටත් නෑකමක් ඈතින් තියෙනව. ඇත්තටම පහු ගිය අවුරුදු කීපයෙ මට සිද්දවුනා මගෙ ලගින්ම හිටපු අයට සළකන්න. […]