අවසන් සටනට පැරණි පන්නයේ බල ඇණියක් හා අත්දුටු අවි ආයුධ -යෝජනාව Beyondframe ගෙනි

Posted on February 16, 2009



මේ සිදුවෙමින් තිබෙන්නේ අවසන් සටන ය. කොටි අවි බිම තැබීම ප‍්‍රතික්ෂේප කරන හෙයින් ඒ අවසන් සටන වඩාත් භයානක වීමට ඉඩ තිබේ. දෙපැත්තේම මිය යන සංඛ්‍යාව අති විශාල විය හැකි ය. ඒ නිසාම දැනටමත් ලෝකයේ අවධානය ඒ දෙස යොමුවෙමින් තිබේ.

අවිබිම තැබීම කොටින් ප‍්‍රතික්ෂේප කරනවාටත් තදින් තාවකාලික හෝ සටන් විරාමයක් ඇති කිරීම රජය විසින් ද ප‍්‍රතික්ෂේප කර තිබේ.

අවසන් සටනට මුහුණ දීමේ අරමුණින් සියලූ හමුදා කණ්ඩ සඳහා තව තවත් බඳවා ගැනීම් කරනු ලැබීමෙන් පෙනී යන්නේ ද ඉතිරිව ඇත්තේ සියයට පහක් වුව ද මේ සටන අති සරල එකක් නොවන බව ය.

මේ තත්වය යටතේ මේ ව්‍යාසනයෙන් මිදීමට වෙනත් විකල්පයක් සෙවීම අද අත්‍යවශ්‍යව තිබේ.

ඒ හෙට අනිද්දා අපෙන් සමුගැනීමට නියමිත ජීවිත අප වෙත රඳවා ගැනීමට පමණක් නොවේ. අහිමි වන අතපය හා ඒ නිසා අහිමිවීමට යන අනාගතය ද ඉන් මුදවා ගැනීමට ය.

මේ ගැන සිතමින් සිටින අතර තුර මට මතක් වූයේ අපේ මුතුන් මිත්තන් විසින් භාවිතා කළ ක‍්‍රම කීපයකි. ඔබගේ සළකා බැලීම සඳහා ඒවා ලයිස්තු ගත කිරීමට කැමැත්තෙමි.

1    සුපේක්ෂාශීලී භික්ෂුන් අප අතර සිටීනම් ප‍්‍රභාකරන්ට ඉක්මණින් සිහිය එලවී මේ සංහාරය ඉක්මණින් නතර කිරීමට සිත් පහල වේවායි පතා සත්‍ය ක‍්‍රියා කිරීම
2    මහා පිරිත් සජ්ජායනාවක් කරමින් දේශපේ‍්‍රමී මහා සංඝයා සටන් පවතින භූමිය වෙත වැඩම කරවා ප‍්‍රභාකරන් පිරිත් බලයෙන් මෙල්ල කිරීම
3    අපෙ හාමුදුරුවන්ගේ විශ්ව ශක්තිය භාවිතා කර කොටින්ගේ බල රහික තරවීම
4    භාවනා යෝගී ස්වාමීන්වහන්සේලා සතු චිත්ත ශක්තිය භාවිතා කර කොටින් අකර්ණම්‍ය කරවීම
5    බලගතු දේවාලයක කපු මහත්තයෙකු ලවා ප‍්‍රභාකරන් තොලොංචි වී යනු පිණිස වස් කවියක් කියවීම
6    ප‍්‍රභාකරන්ට දකුණේ කට්ටඩියෙකු ලවා කොඩිවිනයක් හෝ හූනියමක් කරවීම
7    පේන කාරියක් ලවා අංජනමක් බලවා ප‍්‍රභාකරන් ඉන්න තැන නිච්චියටම දැන එතැනට පහර දීම ය
8    අවසන් සටන් පෙරමුණේ සිටින සියලූ සෙබලූන්ට වෙඩි නොවදින යන්ත‍්‍ර රාජයෙකු බැගින් පැළඳවීම
9    කේන්දරේ අනුව මැරෙන්නට ඉඩක් නැති ආයු බල ඇති අය පමණක් තෝරා සටනට යැවීම
10    අවසන් සටනේ යෙදෙන සෙබලූන්ට චිත්ත ධෛර්යය සැපයීම සඳහා දකුණෙන් ඒ සඳහා සිය කැමැත්තෙන් වැඩම කරවීමට කැමති භික්ෂුන් වහන්සේලා තෝරා ගෙන දුටුගැමුණු රජ සමයේ එළාර යුද්දයේදී කළාක් මෙන් රණබිමට වැඩමවීම

මේවා ඇත්තටම කරන්නේ නම් තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන් ද සක් දෙවිඳු ද වල් වැද ඇති සෙසු දෙවිවරු ද අගේට ලංකා භූමියට නැවතත් වඩිනු ඇතැයි ද මින් මත්තට අප රකිනු ඇතැයි ද සපථ කර සිටියේ මගේ ඇඹේනිය ය.

බ්ලොග්වලට ලියන සියලූ දේශපේ‍්‍රමී සහෝදරයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ රණබිමේ සටන් වදින විරුවන් බිල්ලට දී උද්දාමයක් ලබනු වෙනුවට මෙවැනි වැඩ පිළිවෙලකට දායක වීමෙන් මේ අවසන් සටනට දායක වන ලෙස ය.

Advertisements
Posted in: Uncategorized