වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ ප‍්‍රථිපලවලින් සූන් වූ අපේ අපේක්ෂා

Posted on February 15, 2009



රතිඤඤ ජාතික කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අප තුළ තිබූ උනන්දුව මේ බ්ලොග් අඩවියට කලින් පිවිස ඇති අයට මතක යයි සිතමු.

එහෙත් ඒ පිළිබඳ අපේක්ෂා සියල්ල වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල විකාශය වෙද්දී නැතිව ගියේය.

ඊට හේතුව වූයේ අතීතයේ ලංකාවේ අහුමුල්ලක පැවතුණු අතුරු මැතිවරණයක් ජයග‍්‍රහණය කළ ද රතිඤඤ පත්තු කිරීමට යොමුව සිටි කොළඹ ජනතාව මේසා විශාල ෙඓතිහාසික ජයග‍්‍රහණයක් ලද විට පවා බිය වී තුෂ්ණිම්භූතව සිටීම ය.

රතිඤඤ ජාතික කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් පෙලෙන අප ඒ නිසා මේ හදිසියේ ඇති වූ ජනතා වෙනස පිළිබඳව සමීක්ෂණයක් කිරීමට තීන්දු කළෙමු. පහත බහුවරණ ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් ඒ සමීක්ෂණයට ඔබට ද සහය දැක්වීය හැකි ය.

කොළඹ මිනිසුන් මේ ෙඓතිහාසික ජයග‍්‍රහණය රතිඤඤ පත්තු කරමින් සැමරුවේ නැත්තේ

1    පහුගිය දවස්වල එක දිගට රතිඤඤ පත්තු කිරීමෙන් තොග අවසන් වූ නිසා
2    හැමදාමත් දිනන නිසා දැන් දිනීමෙන් අලූත් ආසික් එකක් පහල නොවීම නිසා
3    කොළඹ උන් කොහොමටත් කොටියන්ට හා රනිල්ට පක්ෂ නිසා
4    කොළඹ උන් කොහොමටත් ප‍්‍රතිගාමී නිසා
5    ගමට කැකිරි තිබුණු කාලෙත් කොළඹට කිරි තිබුණ නිසා
6    රණවිරුවන් ඉන්නේ ගම ආශ‍්‍රිතව නිසා
7    හෙට අනිද්දා අවසන් සටන ජයගත් විට පත්තු කරන්නට රතිඤඤ ඉතිරි කරගත යුතු නිසා
8    අවසන් සටනට භාවිතා කිරීම නිසා මේ වන විට වෙඩි බෙහෙත් තොග අවසන්ව ඇති නිසා
9    ඔවැනි පුහු දේ මින් මත්තට නොකරමුයි ජනතාව සපථ කර ඇති නිසා
10    වයඹ හා මධ්‍යම පළාත් සභා කොළඹ බල ප‍්‍රදේශයෙන් ඔබ්බෙහි පිහිටා ඇති නිසා
11    වෙනදා රතිඤඤ පත්තු කළ මැරයන් තොග පිටින් මධ්‍යම හා වයඹ පළාත්වලට අපනයනය කර ඇති නිසා
12    රතිඤඤ තියා එදා වේල කන්න කීයක් හරි හොයා ගන්නේත් දැන් අමාරුවෙන් නිසා

මේ සමීක්ෂණයට ලැබෙන ප‍්‍රතිඵල අනුව රතිඤඤ කර්මාන්තය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් හදන්නට අපේ යෝජනා අතිගරු ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.
දැන් එන්ජී ඕවලින් පවා ලැබෙන ගතමන්ට් එක අඩු නිසා අප ජනාධිපති උපදේශක පදවියක්වත් ලැබෙතැයි අපේක්ෂාවෙන් පසුවෙමු. එවිට දැන් මෙන් නොව අවදානමකින් තොර ස්ථිර ආදායමක් ලැබිය හැකි ය. නිකම් නොවේ උපදෙස් සපයා වැදගත් වැඩක් කිරීමෙනි.

ඔබේ සහය අප පතන්නේ එවැනි කටයුත්තක් වෙනුවෙනි.

Advertisements
Posted in: Uncategorized