අපි වෙනුවෙන් උන් + උන් වෙනුවෙන් අපි = අපි වෙනුවෙන් අපි

Posted on February 14, 2009



ඕක මෙහෙමයි වෙන්නෙ. අපි හිතමුකො මල්ලිට ප‍්‍රශ්නයක් තියෙනව; පුතා ඉස්කොලෙ දාගන්න, එහෙම නැත්නම් නෝනට මාරුවක් හදල දෙන්න, අයියව පොලිස් කූඩුවෙන් එලියට ගන්න, ලොකු කෙලීට රස්සාවක් අරන් දෙන්න, මැණික් ගරන්න හරි කැලෑ කපන්න හරි ලයිසමක් ගන්න, ඔය කොයික වුනත්, මල්ලි කල්පනා කර කර ඉන්න ඕන නෑ, කෙලින්ම ගියා එතුමා ලගට, කාරණේ කිව්ව.

ඔන්න එතුමා මල්ලි වෙනුවෙන් හිතන්න ගන්නව.

අනිත් අතට එතුමාට කරදරයක් තියෙනව; විරුද්ධපක්ෂයෙන් හරි කුමන්ත‍්‍රණකාරයෙක්ගෙන් හරි. එතුමා රටේ ජනතාවට කියනව, මල්ලිටත් කියනව.

ජනතාව දොස්මුරේ දානව, මල්ලි උන්ට අල්ලල නෙලනව.

ඔන්න ඔහොමයි වෙන්නෙ.

සමහරු නම් කියන්නෙ  ඕක වෙන්නේ නිව්ටන්ගෙ ද කාගෙ ද තුන්වැනි නියමයට අනුව කියල

හැබැයි මට ඕක කිව්වෙ නිව්ටන් නම් නෙමෙයි සයිම. සයිම කියන්නෙ, අපි වෙනුවෙන් උන්; උන් වෙනුවෙන් අපි; කියලා. මම තමයි ඔය දෙක එකතු කළේ. අපි වෙනුවෙන් අපි කියලා. මං අහන්නෙ හොඳට ගැලපෙනව නෙ, මල්ලි.

Advertisements
Posted in: Uncategorized