ඇයි දේශද්‍රෝහියා නොකිය පව් කාරයා කිව්වෙ

Posted on February 13, 2009



සංගක්කාර කීය ද
දන්නෙ නැහැ එයා එයාටෙල්වලට මාරු වෙලා
ප‍්‍රභාකරන්
ගිහින් ද කොහෙද හොරෙන්ම පැනල
ස්කොරෙකවත් දන්නෙ නැත් ද
මොකේ ස්කොරෙක ද අහන්නෙ
අනේ පල් බූරුවා
සියලූ සත්වයෝ නිදුක් වෙත්වා
ඕකට දෙකක් ඇනපං
සතුරන්ට කඬේ යන වේ  ගෙ පුතා
අපි දිනයිද
යකෝ උඩින්ම
? කෑම
කාපු පරිප්පුව මදිද
හැම තැනම කුමන්ත‍්‍රණ
බේරෙන්න බැහැ එන්ජි ඕ කාරයින්ගෙන්
හැබෑට උන්ට හොඳ ගානක් ලැබෙනවද
ඇයි තොට ඉරිසියාද
නෑ බං දැන් ගතමන්ට් අඩුයි ලැබෙනවා
වැඩත් නැහැ එහෙමකට
සල්ලි නැහැ කියන්නෙ
ඊයෙත් ගියා රූප පෙට්ටියෙ දැන්වීම
බැඳියන් හමුදාවට
පඩි නං හොඳයි ලූ
යකෝ පඩිය විතර ද
පදක්කම් පළඳනා
අපි වෙනුවෙන් අපි
සරතයා ගියා ඉතාලි
ලෝකයා ගියේ කැනඩා
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
දෙව් මිනිස් සැප කෙළවර
ලැබෙන්නාවූ නිවන
පොඩි උනුත් මැරිලාලූ
බොරු වෙන්නැති
කොහොම හරි උන්ට  ඕන
මේක නවත්වගන්න
දැන් බලපං සනත්
හතලිහටත් ලගයි තාම ෆිට්
රමණී මොකද කිව්වෙ
අදහසක් නැත් ද අහනව බඳින්න
පව් බං ඒකි
හින්දි චිත‍්‍රපටිවලට හරී කැමතියි
හෙට?
අහන්නෙපා  ඕන නැති ප‍්‍රශ්න
යමුද හංදිය පැත්තෙ
සුදුවා වඩියක් ගන්න
ඇයි උඹ බණ ගෙදර යන්නැත්ද
දෙකක් දාගෙනම යමු
නැත්නම් ඔය දෙසන කුණුහරුප
කොහොම අහන් ඉන්නද බං
පව් කාරයා
ඇයි දේශද්‍රෝහියා නොකිය
පව් කාරයා කිව්වෙ
තොට ඒ පදවිය
නම්බු වැඩිනිසා යකෝ

Advertisements
Posted in: Uncategorized