ඇත්තටම එහෙමකට කියල වැඩක් මට ගමට කරන්න ලැබුනේ නැහැ. මම ඒක නිහතමානීව පිලිගන්නව.
බුදුහාමුදුරුවො වුනත් කියල තියෙන්නේ තමන්ගෙන් පටන් ගෙන තමන්ගේ නෑදෑ මිත්‍රයන්ට හිතවතුන්ට මෛත්‍රීය මුලින් පතුරුවන්න කියල. උන්නාසෙ කියපු පාරෙ තමයි මාත් යන්නේ. අපේ පරම්පරාවම හොඳ බෞද්ධයො. දුටු ගැමුණුටත් නෑකමක් ඈතින් තියෙනව.
ඇත්තටම පහු ගිය අවුරුදු කීපයෙ මට සිද්දවුනා මගෙ ලගින්ම හිටපු අයට සළකන්න. දැන් ඒ ගොල්ලො ටිකක් දියුණුවෙල ඉන්නව. ඊළග පියවර ඔබ තමුන්නාසෙලා ලගට එන එක.
අපි සැලසුම් කරල ඉවරයි හෙට තමුන්නාසෙලාගෙ ජීවිතය යහපත් අතට හරවන නව ශ්‍රී ලංකාවක් බිහිකරන ක්‍රමවේදයක්. නුගේගොඩ හැදුව වගේ ගුවන් පාලම් අපි කුරුණෑගලටත් හෙට අනිද්ද ගේනව. නුවරටත් ගේනව. හම්බන්තොට හැදුව වගේ පාරවල් අපි මෙහෙත් හදනවා. වරායක් නුවර වටරවුමෙත් කුරුණැගල හන්දියෙත් හදන්න අපි සැලසුම් කරල ඉවරයි.
මට සළකන්න හොඳටම ඕන කරල තිබුනු බොහෝ දෙනෙකුට සළකන්න ඇත්තටම තවම බැරි වුනා. ඒ වුනාට මගේ හිතේ ඒවා ලොකුවට තියෙනව කාවවත් අපි අමතක කරල නෑ. ලෙහෙසියෙන් අමතක කරන්නෙත් නෑ. වෙලාව ආපුවහම මදියි නොකියන්නම දෙනව.
දැනටමත් අලූත් ව්‍යපෘති ගණනාවකට මුල් ගල තියෙල ඉවරයි. පරණ මුල්ගල් කැලයෙන් වැහුණු තැන්වල පවා ඒවා අලූත් කරල අපි ආයි මුල් ගල් තිබ්බ.
ඇත්තටම ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණ පරද්දන්න තමයි මගේ කාලයෙන් වැඩියත්ම ගෙවුනෙ. ඒ නිසා සමහර විට මගෙන් අඩුපාඩු වෙන්න ඇති. තමුන්නාසෙලාට මම අදත් කියන්නෙ ඔක්කොම වැරදි වැඩ කරන තරමක් කරන්නෙ විරුද්ධ වාදීන්. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. කොටින්ටයි උන් ඇත්තටම කඬේ යන්නෙ.
නෑ මාව අමතක කරන්නකො. අපේ ආණ්ඩුව කිලිනොච්චිය මුලතිව් ජයගත් අපේ ආණ්ඩුව ගැන හිතල චන්දය දෙන්නකො. කොටියා පරදවා ඇති තීරණාත්මක මොහොතේ රට ත්රස්තවාදීන්ගෙන් බේරා ගන්න ඡන්දය දෙන්නයි කියල ඉල්ලා සිටින්නට මං නැවත නැවතත් කැමතියි.
ඇත්තටම යුද්දෙ ඉවරවෙල ප්රභාකරන් අල්ල ගත්තහම ඔක්කොම ප්‍රශ්න අපි විසඳන බවට පොරොන්දු වෙනව. තව පොඞ්ඩක් ඉවසන්න. මෙච්චර කල් ඉවසුවා වගේ.
ඇත්තටම සමහර අය අහනවා තව කල් තියෙද්දි මේව විසුරුවල රටේ සල්ලි නාස්ති කළේ මොකද කියල.
ඇත්තටම නියමිත කාලෙදි තිබ්බ වුනත් අපිට දිනන්න තිබුන. ඇත්තටම අපේ නායකතුමා කැමති ප්රජාතන්ත්රවාදයට. චන්ද නිතර නිතර තියල ජනතාවගේ හද ගැස්ම දැනගන්නයි එතුමාට වුවමනා. නැතිව තව පස්සෙ තිබ්බොත් පස්සත් ඇන ගන්න වෙයි කියන බයට එහෙම නෙවෙයි. ඒ හිතේ අමාරුවට විපක්ෂය කියන කතා.
අලූත්ම අලූත් ශ්‍රී ලංකාවක් බිහිකරන්න අපට ඡන්දෙ විතරක් දෙන්නකො. ඉතුරු ටික අපි බලාගන්නම්. අපි අත දිග ඇරල කොරන්නම්.
රට යන්න කැමති අය ලෑස්ති වෙලා ඉන්න. අපි මිහින් එයාත් ආයි පටන් ගත්ත.
බඩු මිල නම් ටිකක් විතර වැඩි තමයි. හැබැයි පිටරට යන අයගේ ප්‍රවේශපත්‍රයක මිල අපි පහල දැම්ම. ඉස්සර වගේ සල්ලිය බාගෙ ඇති අය නෙවෙයිනෙ රට යන්නෙ. අපි එහෙම යුගයක් දැන් බිහිකරල තියෙන්නෙ. සල්ලිය බාගේ තියෙන අය වැඩිපුර යන්නේ පැට්රල් වාහනවලනෙ. ඒවා අපි වැඩි කරා තමුන්නාසේලාට සහන සළසන්න.
ඡන්දෙ, ඡන්දෙ විතරක් දැනට දෙන්නකො!
(එළඹෙන වයඹ මධ්‍යම පළාත් මැතිවරණ වේදිකාවේ මා විසින් අසන්නට යෙදුණු කතාවක් හුදී ජන පහන් සංවේගය පතා මෙසේ ගොනු කරන්නට යෙදිණි)
Anandawardhana
February 13, 2009
අනර්ඝයි 😀
මම මචන්
February 13, 2009
Claps ……….Claps…………..Claps………………..!
ම
February 13, 2009
ජයවේවා!!!!
jeyaraj
February 13, 2009
What a contrast the above (Sri Lankan) and below (American).
Tonight, we gather to affirm the greatness of our Nation — not because of the height of our skyscrapers, or the power of our military, or the size of our economy. Our pride is based on a very simple premise, summed up in a declaration made over two hundred years ago:
We hold these truths to be self-evident, that all men are created equal, that they are endowed by their Creator with certain inalienable rights, that among these are Life, Liberty and the pursuit of Happiness.
That is the true genius of America, a faith — a faith in simple dreams, an insistence on small miracles; that we can tuck in our children at night and know that they are fed and clothed and safe from harm; that we can say what we think, write what we think, without hearing a sudden knock on the door; that we can have an idea and start our own business without paying a bribe; that we can participate in the political process without fear of retribution, and that our votes will be counted — at least most of the time.