Beyondframe’s Position on Buddhism, Sinhala Nation and Sri Lanka

Posted on February 10, 2009



අප බෞද්ධ නිසා අප විවේචනය කරන්නේ බුද්ධාගම පමණකි. අප සිංහල නිසා අපගේ විවේචනයන්ට අසුවන්නේ සිංහලයන් පමණකි. අප ශ‍්‍රී ලංකික නිසා අප විවේචනය කරන්නේ ශ‍්‍රී ලාංකික දේ පමණකි.

මේ විවේචනයන් කරන්නේ බුද්ධාගම සිංහල ජාතිය හා ශි‍්‍ර ලංකාව කෙරෙහි ඇති ස්නේහයෙන් ය.

මට අභිමානයෙන් මා සිංහලයෙක් යැයි මා බෞද්ධයෙක් යැයි මා ශ‍්‍රී ලාංකිකයෙක් යැයි හඳුන්වා දීමට හැකි දවසක් පිළිබඳ මම සිහින දකිමි.

ඒ සිහිනය මල් ඵල ගැන්විය හැක්කේ මේ ත‍්‍රිත්වය තුළ ඇති වැරදි පෙන්වා දෙමින් ඒවා නිවැරදි කිරීම මගිනි.

බොහෝ දෙනෙකුට අපේ අරමුණ නොපෙනුනේ ඔවුන් පහසු මාවත තෝරා ගත් බැවිනි.

පහසු මාවත කුමක්ද? වැරදි හදන්නට යන්නේ නැතිව ඒවා හැංගීම ය. ඒවා පිළිබඳ ඇස් කන් නාසා නැති උන් මෙන් ජීවත් වීම ය.

ඒ අය හිතන්නේ ඔවුන් රට්ටුන් රවටන බව ය. ඇත්තටම රැවටෙන්නේ තමන් ය.

මා තෝරා ගෙන ඇත්තේ දුෂ්කර මාවත ය. එහෙත් එය නිවැරදි බව මම දනිමි.

මගේ සිහිනය කවදා හෝ ඵල දරණු ඇත.

මට අභිමානවත් සිංහලයෙකු ලෙස බෞද්ධයෙකු ලෙස හෝ ශ‍්‍ර‍්‍රී ලාංකිකයෙකු ලෙස ජීවත්වන්නට හෝ මියයන්නට හැකිවේ දැයි මම නොදනිමි. එහෙත් මට එක විශ්වාසයක් තිබේ. එවැන්නකට පුංචි තැතක් දැරූ මිනිසෙකු ලෙස මට මිය යන්නට හැකි බව ය.

මිය යන විට ඒ හෘද සාක්ෂිය ගෙන යන්නට ඉඩ ලැබීම පමණක් මා ලබන ජයග‍්‍රහණයක් වෙයි.

Advertisements
Posted in: Uncategorized