සුදු රෙදි හොරු

Posted on February 9, 2009



මේ ජයලත් මනෝරත්නගේ නාට්‍යයකි. මෙහි ටිකට් පතක් පිළිගන්වන්නට කාලෝ මුණගැසුනු අපේ මිත‍්‍රයෙකුට ඔහු පවසා ඇත්තේ හොරු තමයි  ඕයි සුදු රෙදි අඳින්නේ කියා ය.

බොහෝ දෙනෙකුගේ සිල් ඇත්තේ රෙද්දේ ය.

ඒ ඔවුන් ලෝකයට පේන්නට සිල් ගන්නා බැවිනි. ලෝකයට පෙනෙන්නට බෞද්ධාගම අදහන අයගෙන් ලංකාවට අඩුවක් නැත.

අමුතුවෙන් රෙද්දක් නොඇන්දාට, සිල් ගන්නා මිනිසා ඔහුගේ හැසිරීමෙන් අනෙකුත් මිනිසුන්ට පෙනේ. එහෙත් සිල් රෙද්ද පොරවාගන්නා පුද්ගලයා සිල් රැගෙන ඇති බව පෙනෙන්නේ ඔහුගේ රෙද්දෙනි.

මේ අපේ රටේ ඛේදවාචකය යි.

මේ පිටතින් සුදු අඳිනා හොරුන්ගේ රටයි. හක්කේ බුදුරැස් ද බොක්කේ දඩමස් ද ඇති උපාසක දිවයිනයි.

එහෙත් එය මේ සුන්දර දිවයින අවලංගු කර දැමීමට හේතුවක් නොවේ. මේ දිවයින තුළම එහි ඊනියා අයිතිකරුවන්ගෙන් උරුමක්කාරයින්ගෙන් බැට කමින් වසන යටත් වැසියන් පිරිසක් සිටිති. මේ රට අද පවතින්නේ උන්ගේ වෑයමෙන් හා ශ‍්‍රමයෙනි.

මේ හොරුන්ගෙන් හා හොර-උපාසකයින්ගෙන් රට මුදවා ගත් දවසක මේ දිවයිනට සැබෑ ලෙස ආදරය කරන ඒ යටත් වැසියන් විසින් මෙය උත්තර දිවයිනක් කරනවා ඇත.

ඒ සඳහා තොග ගණනින් විචාර බුද්ධිය අවශ්‍යව තිබේ. ඒ, මේ යටත් වැසියන් විචාර බුද්ධියෙන් සන්නද්ධ කරනු පිණිස ය.

Advertisements
Posted in: Uncategorized