තමිල්නාඩුවටත් කුමන්ත‍්‍රණකරුවන් රිංගා ඇත. එන්ජීඕ තහනම් කරනු!

Posted on February 1, 2009



තමිල්නාඩුවටත් කුමන්ත‍්‍රණකරුවන් රිංගා ඇති බව පෙනේ. ඇත්තටම එන්ජී ඕ කුමන්ත‍්‍රණකරුවන් විසින් මුදල් ගෙවා පඩියට එස් මුතුකුමාර් නැමැත්තා මිලදී ගෙන තිබේ. ඒ ශ‍්‍රී ලංකා රජය අස්ථාවරත්වයට පත් කරන්නට ය.

එස් මුතුකුමාර්ට බාර දී තිබුනේ ලොකු වැඩක් නොව සුලූ කටයුත්තකි.

ඒ භූමිතෙල් වක්කරගෙන ගිනි තියාගෙන මිය යාමටය.

ගෙවා තිබූ පඩියේ හැටියට ඇත්තටම කරන්නට තිබුනු රාජකාරිය කුඩා ය.

මුතුකුමාර හිටියේ කොහොමටත් මැරෙන්නට ය. ඒ ඉරණම තමන් වෙත ගෙනා ආයුෂ කාලයෙන් පසු ය. එහෙව් එකේ පඩි ගෙවනවා නම් දැන් මැරුණාම මොකදැයි ඔහුට හිතෙන්නට ඇත.

මේ සියල්ලෙන් පෙනෙන්නේ ශ‍්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත‍්‍රණය අවසන් ව නැති බව ය.

පඩිලබන එන්ජී ඕ කාරයින් ඉන්නා තුරු කිසිවක් පහසුවෙන් කිරීමට ඉඩ නොලැබෙන බව ය.

කොටි තහනම් කළාක් මෙන් එන්ජී ඕ ද තහනම් කරන්නට අද සිට උද්ඝෝෂනයේ යෙදෙමු. අපේ සටන කොටින්ගෙන් පමණක් නොව එන්ජී ඕවලින් ද තොර ලෝකයක් වෙනුවෙනි.

එන්ජී ඕවලට විනාශය! ජනතාවට විමුක්තිය!

Advertisements
Posted in: Uncategorized