ජේආර් පැරදවූ ජේආර් ගේ ගෝලයා

Posted on January 21, 2009



සිරසට ගැහුවේ සිරසම යයි කතාවක් ගියේ ය. ඉන්පසු මහින්දානන්ද අලූත්ගමගේ සිරසට ගහනවා බලා සිටියාක් මෙන් කියා සිටියේ එජාපය එයට සම්බන්ධ බව ය.

ඊයේ අධිකරණය පොලිසියට අවවාද කොට තිබුනේ පරීක්ෂණ කටයුතු වෙන දිසාවකට යොමුකරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු නොකරන ලෙස ය.

දුරකතන අංකයවත් පොලිසියට සඳහන් කිරීමට නොහැකි වූ නිර්නාමික දුරකතන ඇමතුමක් අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ සැක කරුවන් නිදහස් කළ අධිකරණය එම දුරකතන අංකයවත් අධිකරණයට සැපයීමට නොහැකිවීම ගැන ද දොස් පවරා තිබුනි.

අපට නැවතත් මතක් වන්නේ බර්ට‍්‍රන්ඞ් රසල් පඩිවරයා කියු පහත වැකිය ය. එය අපි කලින් බ්ලොග් සටහනක ද උපුටා දැක්වුවෙමු. එහෙත් දැන් මෙහි අදාලත්වය වඩාත් වැඩි ය.

“නිදර්ශනයක් වශයෙන් ගෙවල් ගිනි තබන්නන් විසින් මහජන ගොඩනැගිලි විනාශ කළ විට පොලිසීය සහ අධිකරණය විසින් නියම වරදකරුවා අනාවරණය කරගැනීමට උත්සහ දැරිය යුතු යයි ලිබරල්වාදීහු සිතති. එහෙත් නීරෝ මෙන් නූතන අදහස් ඇති මිනිසා පිළිගන්නේ සකස් කළ සාක්ෂි මගින් වරද තමන් අකැමති කවර පක්ෂයකට හෝ ආරෝපනය කළ යුතු බව ය.”

තවත් කල් බලා සිටියත් මේ පහර දීමට වැරදි කරුවන් සොයන්නට නම් ලැබෙන්නේ නැත. වැරදිකරුවන් හැටියට ප‍්‍රකාශයට පත්කරනු ඇත්තේ තමන්ගේ විරුද්ධවාදීන්ව පමණකි.

ජේආර් එය 83 කළ බව අපි ඊයේත් කීවෙමු.

පේආර් ගේ වර්තමාන අනුප‍්‍රාප්තිකයා එය ජේආර්ටත් වඩා හොඳින් අදට වඩා හෙට කරනු ඇතැයි අපේක්ෂා කළ යුතු ය.

Advertisements
Posted in: Uncategorized