ඔබාමාගේ පදවි ප‍්‍රාප්තිය – Obama, the successor to power

Posted on January 21, 2009



ඔබාමාගේ ජයේ දී මම ද ප‍්‍රීති වූයෙමි. ඒ ගැන බ්ලොග් සටහනක් ද පළ කළෙමි. ඒ සුදු ඇමරිකානුවන් කල්ලෙක් තම නායකයා හැටියට තෝරා ගැනීමට දැක්වූ උද්යෝගය හේතුවෙනි. ඒ තුළින් ප‍්‍රදර්ශනය කළ ඔවුන්ගේ පරිණතභාවය (පටු වර්ණ භේදය ඉක්මවන පරිණතභාවය) හේතුවෙනි.

එහෙත් ඔහු රජගෙදරට යන මේ මොහොතේ මට ඇත්තේ විචිකිච්ඡුාවකි. මේ හාදයා කුමක් කරනු ඇත් දැයි කියා බියකි. ඒ ඔබාමා කවුදැයි මා නොදන්නා නිසා පමණක්ම නොවේ. ලංකාවේ අප ලබා තිබූ අත්දැකීම් ද නිසා ය.

විශේෂයෙන් එසේ සිතුනේ චන්ද්‍රිකාගේ ජයග‍්‍රහණය හා ඇගේ පසු කාලයේ කල් ක‍්‍රියාව මතක් වීමෙනි.

මහින්ද නම් එනවිටම වෙන්නට යන්නේ මෙය යයි කියන පෙර මග ලකුණු දක්නට ලැබුණු නිසා ඔහු අද කර ගෙන යන කටයුත්ත එසේ වනු ඇතැයි කල් තියාම තීන්දුව තිබුණි. එහෙත් චන්ද්‍රිකා පැමිණියේ විජයගේ දේශපාලනය පිළිබඳ සොඳුරු මතකයන් ද සමග ය. සියයට 64 වැඩි චන්දයක් ද සමග ය. අද බොහෝ දෙනෙක් ඔබාමා දෙස බලනවාට සමානවූ අපේක්ෂාවක් ද සමග ය.

බලය යහපත් මිනිසුන් පවා අවලස්සන බල්ලන් බවට නපුරු සර්පයින් බවට ගුණමකු නරුමයින් බවට පත් කරයි. ඔබාමා යහපත් මිනිසෙකු දැයි මම නොදනිමි. යහපත් මිනිසකු වුව ද ඔහු යහපත් මිනිසකු ලෙසම ධවල මන්දිරය තුළ ජීවත්වෙනු ඇත් දැයි මම නොදනිමි.

ඔබාමා කුමක් කරනු ඇත් දැයි ලෝකයම බලා සිටී. අපිදු බලා සිටිමු.

Advertisements
Posted in: Uncategorized