ජාතකය සෙවීම හා උප්පැන්න ලිවීම

Posted on January 16, 2009



කුණුහරුප ප‍්‍රතිචාරවලින් නොසෙල්වුණු කල දැන් beyond frame ගේ ජාතකය සොයන්නටත් ඊට උප්පැන්න ලිවීමටත් සමහරු පටන් ගෙන ඇත.

එක ප‍්‍රතිචාරයක තිබුනේ  බි‍්‍රතාන්‍යයේ උපත ලැබූ දෙමල මිනිසෙකු පසුව ශ‍්‍රී ලංකාවට පැමිණ සිංහල උගෙන මෙය ලියන බව ය. මෙසේ ජාතකය සොයන්නටත් උප්පැන්නය ලියන්නටත් පටන් ගැනීම තුළ එක් පැත්තකින් ලේබල් අලවා නිශේධ කර දැමීමේ උත්සහයකුත් පුලූවන් නම් සොයා ගෙන වැනසීමේ සූදානමකුත් තිබිය හැකි ය.

අප පළ කරන්නේ සිදුවෙමින් තිබෙන දේ පිළිබඳ අපගේ කලකිරීමය. එයින් වර්ථමාන පාලකයින්ට පමණක් නොව ජනතාව මෝඩයාට ඇන්දවීමට අපේක්ෂා කරන අනාගත පාලකයින්ට ද වංචාව හා බොරුව පැවැත්මේ සාධකයක් හැටියට භාවිතා කිරීම අපහසු කිරීම ද අපේක්ෂිත ය.

අප හැමවිටම නිවැරදි නැත. අප කැමති එසේ අප වැරදි අස්ථානයන් ගත් විටක අපේ පාඨකයින් විසින් අප නිවැරදි කරනු දැකීමට ය. එවන් හැම ප‍්‍රතිචාරයකටම මෙහි ඉඩ ඇතත් කුණුහරුප මෙන් ම අපගේ ජාතකය හොයන හා අපට උප්පැන්න ලියන්නට ඉදිරිපත් වන අයට මෙහි ඉඩක් නොසැපයීමට අපි තීරණය කළෙමු.

ජාතකය සොයන අයට අපට කීමට ඇත්තේ එය අප කෙනෙක් පිළිබඳ අපේ නිගමනවලදී කිසි දිනෙක තීරණාත්මක සාධකයක් ලෙස නොසළකන බව ය. මේ බ්ලොග් අඩවියේ  ඕනෑම නමකින් අන්වර්ථ නම්වලින් පවා ප‍්‍රතිචාර දැක්වීමට ඉඩ ඇත්තේ එහෙයිනි. වැදගත් හෝ නොවැදගත් වන්නේ අදහස මිස එය ඉදිරිපත් කළ පුද්ගලයාගේ ජාතකය හෝ උප්පැන්නය නොවේ.

අපට ප‍්‍රතිචාර දක්වන්නන් අපගේ මේ අස්ථානයට ගරු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Advertisements
Posted in: Uncategorized