අකමැති අයට වෙන රටකට යා හැකි ය

Posted on January 11, 2009



දැන් බොහෝ දේ ජය ගෙන ඇති නිසා මේ ටිකත් කරල දැම්මොත් මොකද කියා මගේ කල්පනාවට ආවේ ය.

1. එක්සත් ජනතා නිදහස් සන්ධානය හැරුණුකොට සියලූ පක්ෂ තහනම් කර දමන්න.

2. කොළ කොටි හා වන්නි කොටින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසුරුවා හැර කොටි මුලූමනින්ම අතුගා දමන්න.

3. මැතිවරණ සිතියම අකුලන්න.

4. යාවජීව රජු හැටියට මහින්ද රාජපක්ෂ අපේ වීරයා අභිෂේක කරන්න.

5. දිනමිණ හැර සියලූ පත්තර කන්තෝරු වසා දමන්න.

6. ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය හැර අනෙකුත් මාධ්‍ය ආයතන වසා තබන්න. ජාතික රුපවාහිනියට ආගමික වටපිටාවක් ඇතිකිරීමේ කාර්යය ද ස්වාධින රූපවාහිනියට ජාතිය ගොඩනැගීම ද බාර දෙන්න.

7. නාට්‍ය පිටපත්, ගීත පද මාලා, බණ කලින් අනුමත කිරීමට ධර්ම සභාවක් පත් කරන්න.

8. නාට්‍ය හා සිනමා පට වලින් ද ගීත වලින් ද කාම රාගය අවුලූවන පදවැල් ඉවත් කර බුද්ධාලම්බනය වඩවන ආගමික භක්තිය ඇති කරන තේමාවන් ඇතුලූ කරන්න.

9. දෙමල මුස්ලිම් අයට සිංහල නම් දමා ක‍්‍රිස්තියානි අයට ද පන්සිල් දී ඒ සියලූ දෙනා සිංහල බෞද්ධයින් කරන්න.

10. සියලූ බාර් හා මස්කඩ වසා දමන්න.

11. පන්සිල් සාමාන්‍ය දිනයන්හිදීත් අටසිල් පෝය දිනයන්හිදීත් අනිවාර්ය කරන නීති පනවන්න.

12. පාසල් පන්සල් කර පන්සල් පාසල් කර පෙර කළාක් මෙන් පාසල් ආශ‍්‍රිත පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමයක් ජනතාවට ලබා දෙන්න.

13. ශ්‍රේෂ්ඨාධිකරණය විසුරුවා හැර රජ වාසලදීම නඩු ඇසීමට කටයුතු කරන්න.

සතුරන් නැතිවී එදිරි කාරයින් අහෝසි වී ශීලාචාර තලෙයිබාන් ධර්ම රාජ්‍යයට යන මේ ගමන නිවීහැනහිල්ලේ කාටත් යන්නට මෙයින් හැකි වනු ඇත.

සාදු සාදු සාදු

(ධර්ම රාජ්‍යයට ඉක්මණින් යන්නට ලැබේ නම්  ඕනෑම පරිත්‍යාගයක් කිරීමට ජනතාව අද දවසේ සූදානම් නිසා තවදුරටත් පමා නොවී මේ වේලවේම මේ කටයුත්තට අත ගැසිය යුතු යයි ජාත්‍යාලයෙන් යුතු ව අපි යෝජනා කරමු)

Advertisements
Posted in: Uncategorized