බුද්ධාගමට අපහාස කරන්නේ එය තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් කඬේ යවන තලේබාන් උන්නාන්සේලාය

Posted on January 9, 2009



බුද්ධාගමේ විවිධ ප‍්‍රභේද තිබේ. අප බොහෝ දෙනා දන්නා ප‍්‍රභේද දෙකක් නම් මහායානය හා හීනයානයයි. මේවායේ ද අතුරු ප‍්‍රභේද තිබේ.

නලින් ද සිල්වා මහතාට අනුව බුද්ධාගම් දෙකක් තිබේ. ඒ  ඕල්කට් බුද්ධාගම හා ධර්මපාල බුද්ධාගම යි.

මට අනුව බුද්ධාගම් කීපයක්ම තිබේ. එකක් වල්පොල රාහුල හිමියන් ප‍්‍රමුඛ බහුශ‍්‍රැත භික්ෂුන් විසින් අනුයන බුද්ධධර්මයයි. අනික පඩික්කම් පුරවන නිකායේ බුද්ධ ධර්මයයි. ඒ අය බණට කියන්නට දන්නේ දානයේ ආනිසංශ පමණකි. තෙවැනි බුද්ධාගම මිනිසුන්ට වෛරය හුරු කරන බුද්ධාගමයි. ඒ කා තෙල වැඩිවු සංඝයා විසින් දෙසන අමුතු ආකාරයේ බුද්ධාගමකි. මේ තෙවැනි බුද්ධ ධර්මය මා හඳුන්වා දීමට කැමති තලේබාන් බුද්ධාගම කියා ය.

ඒ බුදුන්ට අගෞරව පිණිස නොවේ. බුදුන්ගේ දහම කෙළෙසන දුර්ජන භික්ෂුන් දෙසන දහමින් වෙන් කොට බුදුන් දෙසු බුද්ධාගම අඳුනාගැනීමට ඇති වුවමනා ව නිසා ය.

බුදුන් දෙසූ දහම තලේ බාන් නැත. එහෙත් එහි වර්ථමාන උරුමක්කාරයින් හා පොල්මක්කාරයින් බහුතරය තලේ බාන් ය.

අප විරුද්ධ ඒ නඩයට මිසක බුදුදහමට නොවේ. බුදුදහමට අගෞරව කරන්නේ එය කෙළසමින් සිටින තලේබාන් උන්නාසේලා මිස අප නොවේ.

කෙසේ වුව ද තලෙයිබාන් බුදු දහම නම් අපගේ බ්ලොග් සටහන නිසා කිසියම් බෞද්ධයෙකුට සිත් තැවුලක් වූයේ නම් සමාව භජනය කරමු.

Advertisements
Posted in: Uncategorized