ඔන්න බලාගනිල්ලා මේන් හෙලූව

Posted on January 8, 2009



කුඩා රෙදි කැබැල්ලකින් විලි වහගන්නට හදන විට වෙනත් පැත්තකින් හෙලූව පෙනෙන නිසා බලා සිටින අය හූ කියන්නට පටන් ගනී. එවිට කළ හැක්කේ එකම දෙයකි රෙදි කෑල්ල ද ඉවත් කොට ඔන්න බලා ගනිල්ලා කීම ය.

දැන් ආණ්ඩුව කරන්න හදන්නේ එයයි.

ඒ බව පසක් වූයේ ඊයේ බිබීසී සංදේශය සවන් දෙන්නට ගිය විට ය. ලංකාව පිළිබඳ යමක් ප‍්‍රචාරය වන වහාම එය අභිබවා සංගීතයක් වාදනය වෙයි. අවධානය ලංකාවෙන් ඉවතට යන විට නැවත බීබීසියට සවන් දීමට පුලූවන. වෙන එකක් පවා අහවල් කෙටි තරංග ඔස්සේ බිබීසිය ට රාත‍්‍රී 10 ට සවන් දිය හැකියයි කියන විට ද ඒ බාධා කාරී සංගීතය ප‍්‍රචාරය කිරීමට මේ කට්ටිය වග බලා ගත් හ.

සිරසට ගැහැව්වේ ආණ්ඩුව නොවන නිසා බීබීසි ය නොඇසෙන්නට වගබලා ගත්තේ ද ආණ්ඩුව නොවන බව කීමට පුලූවන. ආණ්ඩුව කියන  ඕනෑම ගජ බින්නයක් ඒ ලෙසම පිළිගන්නට කැමැත්තක් දක්වන මිනිසුන් බොහෝ දෙනෙකු සිටින නිසා ආණ්ඩුවට ගැලවී යන්නට ද පුලූවන.

ආණ්ඩුවේ මාධ්‍ය නවත්වන්නට ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන්නට හදන මේ කුමන්ත‍්‍රණකරුවන් මේ ආකාරයෙන් කටයුතු නොකරන්නේ මන්දැයි තම හෘදසාක්ෂියෙන් අසන ලෙස ඔවුන්ට කීමට අප කැමති ය.

බබාලා මිසක් මේ කතා වෙන කවුරුවත් විශ්වාස නොකරන බව ආණ්ඩුව ද දනී. ඒ නිසා දැන් ආණ්ඩුව කරන්නේ එලිපිට හෙලූව පෙන්නීම ය. බීබීසියට මෙසේ එලිපිට බාධා කිරීමෙන් එය මනාව පිළිඹිබු වේ.

Advertisements
Posted in: Uncategorized