Browsing All Posts published on »December, 2008«

මූණ හෝදන බේසමෙත් කිඹුලෙක් …

December 25, 2008

4

මොන කරුමයක් ද මේ මූණ හෝදන බේසමෙත් කිඹුලෙක් නෑ නෑ.. නැති වෙන්න බෑ හූනෙක්…. වෙන්න බෑ මට නම් පේන්නේ ගොඩක් .. ගොඩාත්….. ලොකුවට කන්ණාඩිය ගෙනෙන් විගහට නන්දන ගනින් ඔය තුවක්කුව මෙහාට හූනෙක් නෙවෙයි යකෝ කිඹුලෙක්  .. කෝ මට පේන විදිහට බලන්න ඉගෙන ගනින්  …  පුතෝ විමල්ට තරහ ගිය උදයක මේ කවි පන්තිය ලිවුවා නොව ලියවුනාය

අප පින් කළ බව දැනෙන්නේ දැන් ය

December 25, 2008

5

රජයේ සේවකයින්ගේ ගණන ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 6 කි. හැම 16 දෙනෙකුගෙන් කෙනෙකුම රජයේ සේවකයෙකි. ඉන්දියාවේ රාජ්‍ය අංශයේ ප‍්‍රතිශතය ජනගහණයෙන් සියයට 2 කි. එයින් කියවෙන්නේ අපේ රාජ්‍ය අංශය ඉන්දියාවේ මෙන් තුන් ගුණයක් වන බව ය. අපේ උද්ධමනය ද ඉන්දියාවේ උද්ධමනය මෙන් තුන් ගුණයක්ව පැවතිණි. සමීකරණය හරිය. එකක් තුන් ගුණයකින් වැඩිවන විට අනෙකත් ඒ සමාන ගුණයකින් […]

පාලු ගෙයි වළං බිඳීම

December 25, 2008

5

කරුණා අම්මාන් පිල්ලෙයාන් ඩග්ලස් දේවානන්ද වැනි කීකරු පූස් පැටියන් ද තිස්ස විතාරණ ඩියු ගුණසේකර වැනි රතු සහෝදරයන් ද නිව්රාඞ් කබ්රාල් වැනි හීලෑ ගෝලයන් ද තවත් අවශේෂ ඇමැත්තන් සමූහයක් ද ඇතුළත් තම ගෝල බාලයින් පිරිවරාගත් ජනාධිපති තුමා ඇට්ටි හැලෙන්න දුන්නේ ය. සංවර්ධනය රැකියා සැපයීම පඩිවැඩි කිරීම පමණක් නොව කිමී ක මාර්ගයක් පිළිසකර කිරීමක්වත් පසු ගිය කාලය […]

නත්තලට නාඩගමක් :නොදුටු ඇස් වලින් වැඩක් නැත! නොඇසූ කන් වලින් ද වැඩක් නැත!

December 24, 2008

3

ඔන්න මං ඔයාට කොටියා කියනව මට අරක දුන්නෙ නැත්නම්. ඉතින් කියනවකො බලන්න, මට රිදෙයි. මේ දෙබස පුංචි ලමුන් දෙන්නෙකු අතර ය. ඊලග දෙබස ඊට සමාන මහ උන් දෙන්නෙකු අතර ය. ඔන්න මං ඔයාව තහනම් කරනව උතුරෙ මිනිසුන්ව නිදහස් කළේ නැත්නම්. තහනම් කරනවකො බලන්න මට රිදෙයි ද කියල. මේ නාට්‍ය බලන්න පමණක් නොව රග දක්වන විට […]

පොලිසියේ නව භූමිකාව

December 24, 2008

5

විහිලූ සපයන ආයතන අතර පොලීසියට හිමිවන්නේ වැදගත් තැනකි. කන්ටේනරයක් පුරවා පුපුරණ ද්‍රව්‍ය කොළඹට පැමිණ ඇතැයි ද ඒ සමග නිල්පාට පික් අප් රථයක් ද ඇතැයි ද ඒවාට පුපුරණ ද්‍රව්‍ය පුරවනවා බලා සිටියාක් මෙන් හිටපු පොලිස්පති කෙනෙකු කීවේ විපක්ෂයේ ජනරැලියක් පැවැත්වීමට ලක් ලෑස්ති වී තිබියදී ය. ශ්‍රේෂ්ඨාධිකරණය පෙට‍්‍රල් මිල අඩු කිරීමේ තීන්දුව දුන්  දින හවස පොලීසියේ විශේෂ […]

දේශපේ‍්‍රමී මාපකය

December 23, 2008

4

උණ බැලීමට කටුවක් ඇත. එහෙත් ආදරය මැනීමට කටුවක් මෙතෙක් සොයා ගෙන නැත. දේශපේ‍්‍රමය ද ආදරය වැනි මැනීමට අපහසු එකකි. ඒ සඳහා මාපකයක් ඊයේ මට හමුවිය. ඒ තෙල්වලට අදාළව බෙදාහරින්නන් දෙන්නාගේ වෙනස හා ඔවුන් හැසිරෙන ආකාරයේ වෙනස නිසා ලැබුණකි. ඒ බෙදාහරින්නන්ට අපේ පාරිභෝගිකයින් දෙන ප‍්‍රතිචාරය නිසා ඇති වූවකි. දේශපේ‍්‍රමීන් යයි කියා ගන්නා අය සැබෑ ලෙසම දේශපේ‍්‍රමීන් […]

රට කොයිබට ද?

December 23, 2008

3

මේ පිළිබඳ යම් හෝඩුවාවක් ඉගියක් පහුගියදා රග දෙන්නට පටන්ගත් තවමත් අවසන් නොවුනු තෙල් නාඩගමත් සමග අපට දැක ගත හැකි විය. මා මේ කියන්නට යන්නේ රජයත් ශ්‍රේෂ්ඨාධිකරණයත් අතර තවමත් පවතින කඹ ඇදිල්ල ගැන නොවේ. ඒ කඹ ඇදිල්ල අස්සේ ෂෙඞ් කාරයින් ඇති කළ ආතතිය ගැන ද නොවේ. එය පෙට‍්‍රල් සොයා තැන තැන යාමට සිදු වූ සහ ලැබුණු […]

දේශපේ‍්‍රමී පෙට‍්‍රල් හා දේශද්‍රෝහී පෙට‍්‍රල්

December 22, 2008

8

සල්ලිය බාගේ ඇති කෙනෙක් ලාබෙට පෙට‍්‍රල් ගනු පිණිස අයි ඕසී එක ඉස්සරහ පෝලිමට එකතු විය. සෑහෙන වේලා පෝලිමේ සිටීමෙන් පසු පෙට‍්‍රල් ඉවර වී ඇති බව නිවේදනය විය. චික් මුන්ගෙ දේශද්‍රෝහි පැට‍්‍රල් කාට ද  ඕනෑ වරෙන් බං යන්න දේශපේ‍්‍රමී පැට‍්‍රල් ෂෙඞ් එකක් හොයා ගෙන මිතුරාත් නංවාගෙන මේ පොහොසත් බයිසිකල් මිත‍්‍රයා දේශපේ‍්‍රමී ෂෙඞ් එකක් සොයා ගියේ ය. […]

තේ දල්ලේ දුක කියන්නේ කාට ද

December 21, 2008

5

අප මෙතෙක් ශ‍්‍රී ලංකාව දැන සිටියේ තේ අපනයනය කරන රටක් වශයෙනි. එහෙත් එය හරි හරියට තේ ආනයනය කරන්නටද පටන් ගෙන ඇති බව දන්නේ ටික දෙනෙකි. අඩුමිලට තේ ආනයනය කර ශ‍්‍රී ලංකා ලේබලය අලවා ඒවා අපනයනය කරන සරු ජවාරමක් ආරම්භ කර තිබුනේ දේශපාලන ආශීර්වාද යටතේ බව කියන ලිපියක් මේ සතියේ රාවය පුවත්පතේ පළ වී තිබිණි. රංජිත් […]

ආණ්ඩුව සිමෙන්ති ද අනාගත්තේ ය

December 21, 2008

3

බඩුමිල අඩුකිරීම් පහුගිය දිනවල සිදුකෙරුණේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. පළමුව විදුලි බල ගාස්තු ද දෙවනුව පැට‍්‍රල් මිල ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අඩු කරන ලද්දේ ය. මේ කෙණහිල්ලෙන් මිදී ආණ්ඩුවට ද ලකුණු දමාගෙන තමාගේ ප‍්‍රතිරූපය ද ඒ අතරේ නංවාගන්නා විදියක් ඇමතිවරයෙකුට කල්පනා විය. ආණ්ඩුවට ඒ ගෞරවය ලබා දී තමන්ට ත් ලකුණු දාගන්නට උත්සහ කළේ වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ය. […]