දේශපේ‍්‍රමී මාපකය

Posted on December 23, 2008



උණ බැලීමට කටුවක් ඇත. එහෙත් ආදරය මැනීමට කටුවක් මෙතෙක් සොයා ගෙන නැත. දේශපේ‍්‍රමය ද ආදරය වැනි මැනීමට අපහසු එකකි. ඒ සඳහා මාපකයක් ඊයේ මට හමුවිය.

ඒ තෙල්වලට අදාළව බෙදාහරින්නන් දෙන්නාගේ වෙනස හා ඔවුන් හැසිරෙන ආකාරයේ වෙනස නිසා ලැබුණකි. ඒ බෙදාහරින්නන්ට අපේ පාරිභෝගිකයින් දෙන ප‍්‍රතිචාරය නිසා ඇති වූවකි.

දේශපේ‍්‍රමීන් යයි කියා ගන්නා අය සැබෑ ලෙසම දේශපේ‍්‍රමීන් නම් ඔවුහු සිපෙට්කෝ ෂෙඞ්වලින් රු 122 ක් ගෙවා ලොකු පෝලිමක ද ඉන්නේ නැතිව තෙල් ලබා ගනිති. ආණ්ඩුව අමාරුවේ වැටී සිටිනා මේ වෙලාවේ රු22 ලාභයක් පතා ඉන්දියානු ෂෙඞ්වල පෝලිමේ ඉඳ තෙල් ගහන්නේ දේශද්‍රෝහීන් ය.

මේ මාපකය යොදා මැන්න සඳ ලැබුණු නිරීක්ෂණයන් මෙසේ ය.

1 බොරුවට කෑගැසුවාට වැඩි දෙනෙක් (අඩු වශයෙන් පෙට‍්‍රල් ගහන අය අතරින් වත්) දේශ ද්‍රෝහීන් ය

2 ඞීසල් ගහන වැඩි දෙනෙක් දේශපේ‍්‍රමීන් ය

මේ නිරීක්ෂණ ඔස්සේ බැස ගත යුතු නිගමනය නම් පෙට‍්‍රල් මිල තවදුරටත් වැඩි කර දේශද්‍රෝහීන්ට පාඩමක් උගන්වන අතරේ ඞීසල් මිල ද වැඩිකර දේශපේ‍්‍රමීන්ට රටට තම දායකත්වය වැඩියෙන් ලබා දීමට අවස්ථාවක් ලබා දිය යුතු බව ය.

ජනාධිපති උපදේශකයෙකුවීමට මට දැන්වත් සුදුසුකම් නැත් දැයි දේශ හිතේෂීය ජාතික ව්‍යාපාරයෙන් අසා දැන ගත යුතු ය. බ්ලොග් ලියන රස්සාවට වඩා වැඩි පඩියක් එයින් ලැබෙන්නට ද ඉඩ තිබේ.

Posted in: Uncategorized