දේශපේ‍්‍රමී පෙට‍්‍රල් හා දේශද්‍රෝහී පෙට‍්‍රල්

Posted on December 22, 2008



සල්ලිය බාගේ ඇති කෙනෙක් ලාබෙට පෙට‍්‍රල් ගනු පිණිස අයි ඕසී එක ඉස්සරහ පෝලිමට එකතු විය. සෑහෙන වේලා පෝලිමේ සිටීමෙන් පසු පෙට‍්‍රල් ඉවර වී ඇති බව නිවේදනය විය. චික් මුන්ගෙ දේශද්‍රෝහි පැට‍්‍රල් කාට ද  ඕනෑ වරෙන් බං යන්න දේශපේ‍්‍රමී පැට‍්‍රල් ෂෙඞ් එකක් හොයා ගෙන මිතුරාත් නංවාගෙන මේ පොහොසත් බයිසිකල් මිත‍්‍රයා දේශපේ‍්‍රමී ෂෙඞ් එකක් සොයා ගියේ ය.

බලපංකො මෙතැන එච්චර පෝලිමකුත් නැහැ රුපියල් 22 ක් ගියත් බලපං සනීපෙ කිලිනොච්චියෙන් එන හුලග වගේ.

වැඩිපුර සල්ලි ගෙවූවද ඇති හැටියට පෙට‍්‍රල් ගහගෙන මේ පෝසතා පිටත් වූයේ අභිමානයෙනි එක අතකට මචං වැඩිපුර සල්ලි ගෙවුවත් රටටනෙ මචං ඉන්දියාවට නෙවෙයිනෙ

පිලියන් එකේ වාඩිවී සිටි මිතුරාද ඔලූව වැනුවේ ය දැන් පෙට‍්‍රල් ෂෙඞ් එකක පෝලිමේ හිටියත් පොඞ් ස්ටේටස් එකක් තියෙනව මචං පෙට‍්‍රල් ගහන්නෙ සල්ලි කාරයොනේ අර බලහං බං අර දුප්පතා ඞීසල් ගහන හැටි තඩි නිසාන් සනියකට ඔරොප්පුවට මෙන් මිතුරා කියනු නෑසුනාක් මෙන් බයිසිකලය වේගයෙන් පණ ගන්වා ගෙන අපේ යාලූවා ජීවන සටනට පිටත් විය.

කිලිනොච්චියට ද චඩා දරුණු සටන ඇත්තේ එහි ය.

පෙට‍්‍රල් ගහන්නේ නම් ඔබ පොහොසතෙකි. ඒ නිසාම ඉන්දියාවට මුදල් දන් දෙන්නේ නැතිව ලංකාවට වැඩියෙන් ප‍්‍රදානය කරන්නට  සිපෙට්කෝ පෙට‍්‍රල්ම ගන්න. ඒ පෙට‍්‍රල් දේශපේ‍්‍රමී ය.

Advertisements
Posted in: Uncategorized