රටේ පාලනය ෂෙඞ් අයිතිකරුවන්ට හා බල්ලන්ට

Posted on December 19, 2008



පෙට‍්‍රල් අතුරුදහන් වීමේ අභිරහස සොයා ගැනිණි. හදිසියේ අඩුවිය හැකි පෙට‍්‍රල් මිල නිසා පාඩු විඳීමට අකමැති ෂෙඞ් අයිතිකරුවන් පෙට‍්‍රල් ගබඩා නොකිරීමට තීරණය කිරීම ය.

මේ ෂෙඞ් අයිතිකරුවන්ම හදිසියේ වැඩිවන පෙට‍්‍රල් මිලේ වාසිය ගන්නට මීටර වෙනස්කරන තුරු තෙල් දීම නතර කර සිටියේ ද ඊයේ පෙරේදා ය.

වැඩිවන එකේ වාසිය ගන්නටත් අඩුවන එකේ පාඩුව නොගන්නටත් සිය පාරිභෝගිකයින්ට මේසා විශාල දුෂ්කරතාවලට ලක් කරන එකම වෙළෙන්දන් ඔවුන් නොවන බව සැබෑ ය. එහෙත් අප අමතක කරන එක් කාරණයක් තිබේ. මේ අය වෙළෙන්දන් අතර ද වරප‍්‍රසාද වෙළඳ කණ්ඩායමක් බව ය.

වෙනත් වෙළඳුන්ට මෙන් නොව මේ වෙළඳුන්ට මේ වෙළඳාම සඳහා බලපත‍්‍රයක් ගත යුතු ය. අප බොහෝ දෙනෙක් දන්නා පරිදි මේ වාසනාව උරුම වන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂවල පන්දම් කාරයින්ට හෝ ඔවුන්ට දොළ පිදේනි දෙන අයටය. ඒ නිසාම ඔවුන් පිස්සු කෙළින කල ඊට මැදිහත්වීමට බලපත් බෙදන අධිකාරියට බලයක් තිබේ. ඒ පිස්සු කෙළින්නේ නම් දුන් බලපත‍්‍රය අවලංගු කරන බව කියන්නට ය.

එහෙම වන බවක් පෙනෙන්නට නැත. වැඩිවීමේ වාසිය ලබා ගැනීමටත් අඩුවීමේ පාඩුව වළක්වා ලබා ගැනීමටත් ඔවුන්ට ඉඩ සළසා බකන් නිලාගෙන සිටීමට ආණ්ඩුවත් බලධාරීනුත් ක‍්‍රියා කරන බව පෙනේ. මෙසේ රට කරවන්නට පාලකයින් අවශ්‍ය ද?

මේවා කාගෙන් අහන්න ද?

Advertisements
Posted in: Uncategorized