හදිසියේ අතුරුදන් වූ පෙට‍්‍රල්

Posted on December 18, 2008



ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද මිල සංශෝධනයෙන් අනතුරුව විදුලි වේගයෙන් පෙට‍්‍රල් සියලූ ෂෙඞ්වලින් එක්වර අතුරුදන් වූයේ ය.

සාමාන්‍යයෙන් අප අපේක්ෂා කළේ අද සිට පෙට‍්‍රල් ලබා ගැනීමට ප‍්‍රශ්න ඇති විය හැකිවුවත් ඊයේ(වැඩිමිලට විකුණාගත හැකිව තිබූ අන්තිම දවසෙ)පුලූවන් තරම් පෙට‍්‍රල් විකුණා ගැනීමට වෙළඳුන් පෙළඹෙනු ඇති බව ය.

එහෙත් නොසිතූ දේම සිදුවිය. දස අතේ කල්පනා කළ නමුදු සාධාරණ හේතුවක් සිතා ගත නොහැකි විය.

මාධ්‍යවලින් මේ ගැන කුමක් කියනු ඇත් දැයි දැන ගැනීමට විවිධ මාධ්‍යවලට කන්දුන්නද හේතුව කීම පැත්තකින් තබා පෙට‍්‍රල් හදිසියේ අතුරුදන්ව ඇති බව වාර්ථා කිරීමට ද ඔවුහු අපොහොසත් වූහ.

කටේ පිට්ටු පුරවා ගත්විටත් කට හොල්ලන්නට බැරි ය. එහෙත් බොහෝ වෙනත් තොරතුරු අසන්නට ලැබුණු නිසා එසේ සිතන්නට ද බැරි ය.

මේ අභිරහස- එනම් පෙට‍්‍රල්අතුරුදන් වීමේ සහ ඒ පිළිබඳව මුණිවත රැුකීමට ආණ්ඩුව පමණක් නොව මාධ්‍ය පවා ඉදිරිපත් වීමේ අභිරහස- ගැන දන්නා යමෙක් වෙතොත් දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

Advertisements
Posted in: Uncategorized