මුණිවත රැකීමේ සාධු ගුණය

Posted on December 11, 2008



ආණ්ඩුවේ ජන මාධ්‍ය බොහෝ දේ ගැන ඝෝෂා කළ ද එක් දෙයක් සම්බන්ධයෙන් නිහඩ ය. ඒ හෙජින් ගනුදෙනුව ගැන ය. එයට හේතුව විය හැක්කේ

1. මර්වින් සිල්වා සම්බන්ධ මතකයන් තවමත් හොල්මන් කරමින් තිබෙන නිසා ය.

2. බොහෝ අපරාධ වංචා ¥ෂණ සිදුවන රටේ මෙයත් මහ කජ්ජක් දැයි හැගී යාමය.

3. සමහර දේවල් කතා කිරීම කොටින්ට වාසි දායක බව හොඳින්ම දන්නා නිසා ය.

4. හාම්පුතුට සැළකීමත් පිට එකාට බිරීමත් හොඳ බල්ලෙකුගේ ගතියක් බව තේරුම් ගෙන ඇති නිසා ය.

5. මේ ලගදීත් සිංහල පුවත්පතක පමණක් පළ කරන්නට නියමිතව තිබූ හමුදාපතිගේ ප‍්‍රකාෂයක් එලෙසින්ම ඉංග‍්‍රීසි පුවත්පත්වල පළ කිරීමේ වරදට ලේක් හවුසියේ සගයින් දෙදෙනෙකු (කතුවරයන්) මාරු කර ඇති නිසා ය.

6. උඩ බලාගෙන කෙළ ගැසීමෙන් මුහුණ අපිරිසිදු වන නිසා ය.

7. මේ අපරාධ රටට එලිකිරීමෙන් රටේ මිනිසුන්ට අසූහාර දාහට තරහ ගොහින් නිරපරාදේ ලෙඩ හදාගන්නා බව හොඳින්ම දන්නා නිසා ය.

8. හක්කේ බුදුරැස් තිබුණාට බොක්කේ දඩමස් තිබෙන නිසා ය.

9. මේවා අහලා අහලාම මිනිසුනට එපා වී ඇති නිසා ය.

10. දෙවියන් මේවාට දඩුවම් දෙනු ඇතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා කලකට ඉහත දී කළ ප‍්‍රකාශය තවමත් මතකයේ තිබෙන නිසා ය.

11. මේවා රට්ටු දැනගත්තහම රෙදි ඇඳගෙන ආණ්ඩුවට තවදුරටත් කඬේ යන්නට බැරිවන නිසා ය.

12. අපුල්ලන්නට බැරි තරමට රෙදි කිලිටු වී ඇති නිසා ය.

13. ගැඹුරින් යමක් හදාරා විශ්ලේෂණයක් කරන්නට පුලූවන් මිනිස්සු දැන් ආණ්ඩුවේ මාධ්‍යවල නැති නිසා ය.

14. යුද්ධය ගැන හැරුණවිට වෙනත් යමක් ගැන කියවන්නට තරම් ඉස්පාසුවක් ලාංකික ජනතාවට නැති නිසා ය.

15. දරුපවුල රැකගෙන ජීවත්වන්නට මාසික වැටුපක්ද  ඕනෑ නිසා ය.

Advertisements
Posted in: Uncategorized