පනින්නට පෙර සිතා බැලීම

Posted on December 11, 2008



කරූ පැන්නාට සෙසු අය ඉතිරි වූයේ….
1. කරූට පිස්සු වුනාට ඔවුනට පිස්සු නැති නිසා ය.
2. එජාපයේ ඇත්තේ එක් නියෝජ්‍ය නායකකමක් විතරක් නිසා ය.
3. කරූට මෙන් නොව  ඕනෑම වේලාවක නැවත විවෘත කළ හැකි ලිපිගොනු තමන්ට එදිරිව ලොකු තැන් බාරයේ තිබෙන නිසා ය.
4. නැව ගිලෙන්නට තව ගව් අරික්කාලක් තිබියදී අමුඩ ගැසීමේ තේරුමක් නැති බවට පැරණි පිරුලක් ද තිබෙන නිසා ය.
5. කොටින්ට උඩ ගෙඩි දීමට හදවත ඉඩ නොදෙන නිසා ය.
6. දේශද්‍රෝහියෙකුවීමට කිසි ලෙසකින් වත් නොකැමති නිසා ය.
7. මහින්ද රාජපක්ෂ යනු සියලූ දෙනා එකතුව ශක්තිමත් කළ යුතු මනුෂ්‍ය ප‍්‍රාණයක් වන නිසා ය.
8. රාජපක්ෂ පවුලෙන් හිරයක් ගැනීමට බලාපොරොත්තුවන නිසා ය.
9. ශ‍්‍රීපති මෙන් රජයේ වාහන අනිසි ලෙස තමන් ද පාවිච්චි කර ඇති නිසා ය.
10. හිරගෙදර යාමෙන් මේ කාලයේ වීරයෙකු විය නොහැකි නිසා ය.
11. බලය කොහොමටත් අපූරු නිසා ය.
12. මන්ත‍්‍රීතුමා යන ආමන්ත‍්‍රණයට වඩා ඇමති තුමා යන ආමන්ත‍්‍රණය කණට මිහිරි නිසා ය.
13. අඩමින් දොඩමින් වුවද පිල්ලෙයාන් පවා ආණ්ඩුව සමග තවමත් ඉන්නා නිසා ය.
14. ලෝකාපවාදයට වඩා ගෙදර මනුස්සයාගේ අපවාදය දරුණු නිසා ය.
15. මරණය හික් හික්.. මහසෝන් බලකාය හික් හික්.. නිසා ය.

Advertisements
Posted in: Uncategorized