නැකැත් දවස හෙට ය. මෛත‍්‍රීපාල අනිද්දා කුමක් කියනු ඇත් ද?

Posted on December 8, 2008



එළඹෙන්නේ මැතිවරණ වර්ෂයයි. කවුදෝ කියා තිබිණි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා වහාම එය නිවැරදි කළේ ය.

එළඹෙන්නේ සංවර්ධන වර්ෂයයි. අපි පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වමු. ඔහු සංශෝධනයක් ලෙස කියා සිටියේ ය. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ මන්දැයි ඔහු අසා සිටියේ ය. මැතිවරණවලට නොව සංවර්ධනයට මුදල් යෙදවිය යුතු වකවානුවක අප ජීවත්වන බව ඔහු අවධාරණය කළේ ය.

ඊයේ ඌව පළාත් සභාවේ මහ ඇමති වරයා බී බී සී සංදේශය අමතමින් කියා සිටියේ ඉදිරි වර්ෂය මැතිවරණ වර්ෂයක් ලෙස සැළකිය යුතු බවට පක්ෂය දැනුම් දී ඇති බව යි. ඒ නිසා කුමන හෝ මැතිවරණයකට තමන් සූදානම් වන බව ඔහු කියා සිටියේ ය.

සමහරු කියන්නේ අයවැය ඡන්දයෙන් පසු එළඹෙන සුභ නැකතකට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෙට සිදුවීමට නියමිත බව ය.

නිල නොලත් ආරංචි මාර්ග කියන්නේ මුක්තිය පිළිබඳ වර්ථමාන අර්බුදය නිසා ශ්‍රේෂ්ඨාධිකරණය අකර්ණම්‍ය කළ හැකි සර්ව බලධාරී ජනාධිපතිවරයෙක් අවශ්‍ය වී ඇති බවත් යුද්ධයේ ජයග‍්‍රහණය හරහා පවත්වන මැතිවරණයකින් එය ඇති කර ගත හැකි වෙනු ඇතැයි රජය විශ්වාස කරන බවත් ඒ නිසා මැතිවරණයක් පැවැත්වීම ස්ථිර බවත් ය.

සමහරු කියන්නේ එළඹෙන ආර්ථික අර්බුදය හමුවේ රට පුරා පැන නැගිය හැකි උද්ඝෝෂණ සමගම නැවෙන් පැන යාමට සූදානම් පිරිසක් සිටින නිසා ස්ථාවර ආණ්ඩුවක් සෑදීමට මැතිවරණයක් පැවැත්වීම අනිවාර්ය බව ය.

සියලූ දේම අර්බුදයකට ගොස් ඇති නිසා දැන්ම ඡන්දයක් තිබ්බොත් මිසක ආණ්ඩුවට නැවත දිනිය නොහැකි නිසා මැතිවරණයක් පවත්වන බව ය. ඔවුන්ට අනුව ආණ්ඩුව සක්විති ක‍්‍රමයේ පොරොන්දු මාලාවක් ජනතාවට දී තිබේ. ඒවා ආකර්ෂණීය වුව ද සාක්ෂාත් කරගත නොහැකි ය. බොහෝ දේ හංගා ඇතත් ඒවා එලිවෙන දිනය ලග ය. ඒවා අනාවරණය වීමට පෙර මැතිවරණයක් පැවැත්වුවොත් මිසක දිනන්නට හැකියාවක් ආණ්ඩුවට නැත. ඒ නිසා හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සියයට සියයක් සිකුරු ය.

මෛත‍්‍රීපාල සිරිසේන අනිද්දා කුමක් කියනු ඇත් ද? එය තීරණය වනුයේ හෙට වන දේ අනුව ය.

Advertisements
Posted in: Uncategorized